Saturday, April 20, 2024

General line - 0115112241

කාන්තා මැරතන් තරගයේ නව වාර්තාවක්

කසුන් කැලුම්




කාන්තා මැරතන් ධාවන ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කිරීමට හිරුණි විජෙ‍්රත්න සමත් වී තිබෙනවා.

 ඒ, හීස්ටන් ජාත්‍යන්තර මැරතන් ධාවන තරගයේදීයි.

එහිදී ඇය දැක්වූ දක්ෂතාව පැය දෙකයි විනාඩි 36යි තත්පර 35ක්. හිරුණි මෙලෙස බිදැමුවේ පැය දෙකයි විනාඩි 40යි තත්පර 07ක කාලයකින් නිලුකා රාජසේකර මීට පෙර බිහිකර තිබූ වාර්තාවයි.

නව දක්ෂතාවත් සම හිරුණි විජේරත්නට මෙම වසරේ අප්‍රේල් මාසයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සහා සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව ද හිමිවුණා.

දැනට අමෙරිකාවේ ජීවත් වන හිරුණි විජේරත්න 2017 වසරේ ලන්ඩන් මැරතන් ධාවන ඉසව්වට සහ ලෝක ශුරතා මළල ක්‍රීඩා තරගාවලියට ද සුදුසුකම් ලබාගත්තා.