Saturday, April 20, 2024

General line - 0115112241

තුන්කොන් සටනේ පළමු ජය බංග්ලාදේශයට (UPDATE)

කසුන් කැලුම් - අන්තර්ජාලය ඇසුරෙන්




තුන්කොන් කි‍්‍රකට් තරගාවලියේ අද (15) පැවැති තරගයෙන් කඬුළු 8ක ජයක් වාර්තා කිරීමට සත්කාරක බංග්ලාදේශය සමත්වුනා.

ඒ සිම්බාබ්වේ කණ්ඩායම පරාජයට පත් කරමින්.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සියළු දෙනා දැවී රැස්කළේ ලකුණු 170ක් පමණයි.

පිළිතුරු ඉනිම කි‍්‍රඩා කළ බංග්ලාදේශ කණ්ඩායම 29 වන පන්දුවාරයේදි කඩුළු 2ක් පමණක් දැවී සිය ඉලක්කය පසු කර ගියා. 

තුන්කොන් තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහභාගී වන පළමු තරගය ලබන බදාදා සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතයි.
 

 

-----------------------------

ශ්‍රී ලංකා - බංගලි - සිම්බාබ්වේ තුන්කොන් සටන ඇරඹේ

(15-01-2018 15:03)

 

ශ‍්‍රී ලංකාව, බංග්ලාදේශය හා සිම්බාබ්වේ කණ්ඩායම් සහභාගී වන තුන්කොන් ක‍්‍රිකට් තරගාවලිය අද (15) ආරම්භ වුණා.

පළමු තරගය පැවැත්වෙන්නේ සත්කාරක බංග්ලාදේශය හා සිම්බාබ්වේ කණ්ඩායම් අතරයි.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය මුලින්ම තීරණය කළේ පන්දු රැකීමටයි.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදෙන සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 21ක් අවසානයේ කඩුලූ 04ක් දැවී ලකුණු 58ක් රැස්කර ගෙන සිටිනවා.