Saturday, April 20, 2024

General line - 0115112241

ධාවනය වෙන දුම්රියේ ගින්නක් - දෙපස සිටි ජනතාව කෑ ගසමින් අනතුරු අඟවයි (PHOTO)

දිනසේන රතුගමගේ




ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගි දුම්රියක එන්ජිමක් තුළ අද (15) දහවල් හදිසියේ ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්නත් සමගින් ධාවනය වෙන දුම්රිය දැක මාර්ගය දෙපස සිටි ජනතාව කෑ ගසමින් දුම්රියට අනතුරු අඟවා තිබුණා.

පසුව ගිනි ගනිමින් ඇති දුම්රිය නවතා එහි එංජිමේ හටගත් ගින්න නිවා දැමීමට ප්‍රදේශවාසීන් සහ ගිනි නිවීමේ අංශ කටයුතු කර තිබෙනවා.

ගල්කිස්සේ සිට කන්කසන්තුරේ බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී දුම්රියක එන්ජිමක් තුළ මෙම ගින්න හට ගත් අතර ඒ චාවකච්චෙරි ප්‍රදේශයේදීයි.

දුම්රිය එන්ජිමේ ඇති වූ කාර්මික දෝෂයකින් මෙම ගින්න හටගෙන ඇති බවටයි මේ වනවිට සැක පළකරන්නේ.