Thursday, April 25, 2024

General line - 0115112241

ජනපති ධූර කාලය යට සැඟවුණු අර්බුදය මේකලු




ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව පිළිබඳ අද (15) දිනයේ ස්ථාන කිහිපයකදී අදහස් පළ වුනා.

කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර සඳහන් කළේ මෙවැන්නක්.

"ජනාධිපතිතුමා අධිකරණයට තමන්ගේ ප්‍රශ්නය යොමු කළේ එහි තමා අපේක්ෂා කරන පිළිතුර ලැබෙන ආකාරයටයි. ඒකට නීතියේ කියෙනවා මෙහෙම...'යම් ප්‍රශ්නයක් දානවා ඒ ප්‍රශ්නයට ලැබෙන උත්තරය අපේක්ෂිත පිළිතුරත් අන්තර්ගතව යන්න.' එහෙමයි මේකත් දැම්මේ..'හය අවුරුද්දකට වඩා ඉන්න පුළුවන් නේද?' එහෙමයි ප්‍රශ්නය යොමු කළේ. නමුත් දැන් පිළිතුර ලැබී තියෙන්නේ නොපිටට. දැන් මෙතනත් ජනාධිපතිගේ සහ අගමැතිගේ අරගලය තමයි සටහන් වෙන්නේ. ජනාධිපතිට ඕනෑකම තිබුණා 06 අවුරුද්ද කරගන්න.. අගමැතිට ඕනෑකම තිබුණා ඒක 05 අවුරුද්දට සීමා කරන්න. අවුරුදු හයේ සහ පහේ කතාවේ තේරුම තමයි.. අවුරුදු 06ක් වුණොත් ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණ ඡන්දෙ එන්නේ  පාර්ලිමේන්තු ඡන්දෙන් පස්සේ. අවුරුදු 05ක් වුණොත් ජනාධිපති ඡන්දේ එන්නේ පාර්ලිමේන්තු ඡන්දෙට කලින්. අගමැතිතුමාට ඕන වුණේ කලින් ජනාධිපතිවරණ ඡන්දෙ තියන්න..ජනාධිපති අර්බුධයට යවන්න.. මේ තත්ත්වය අපි නිරීක්ෂණය කළ යුතුයි මහජනයා හැටියට. "

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය වසර 05ක් බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු අද (15) නෙත් නිවුස් වෙත කියා සිටියා.