Friday, April 19, 2024

General line - 0115112241

ඉරාකයේ ටයරාන් චතුරස‍්‍රය ඉලක්ක කර දරුණු ප්‍රහාරයක් (VIDEO)




ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර ටයරාන් චතුරස‍්‍රය ඉලක්ක කර දරුණු මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර දෙකක් එල්ල වී තිබෙනවා.

විදෙස් වාර්තා පැවසුවේ ප‍්‍රහාරයෙන් පුද්ගලයින් 35 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

තවත් 90කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

ටයරාන් චතුරස‍්‍රයේ සිටින හමුදා නිලධාරීන් ඉලක්ක කර මෙම ප‍්‍රහාරය එල්ල කරන්නට ඇතැයි සැක පළ වනවා.

කෙසේ වෙතත් ඉරාකයේ අගනුවර ඉලක්ක කර දින තුනක් ඇතුළතදී එල්ල වුනු දෙවන මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය මෙයයි.