Friday, March 29, 2024

General line - 0115112241

හිම පතනය දැඩි වෙන බවට අනතුරු අඟවයි




ආක්ටික් කලාපය හරහා හමා එමින් ඇති ප‍්‍රභල සුළං ප‍්‍රවාහයන් සමග මහා බි‍්‍රතාන්‍යයට අයත් රාජ්‍යයන්ට දැඩි හිමපතනයක බලපෑම් එල්ල වෙමින් තිබෙනවා.

එම තත්ත්වයට මුහුණ පාමින් ඇත්තේ ස්කොට්ලන්තය සහ උතුරු අයර්ලන්තයයි. සුළං ප‍්‍රබලත්වය ඉහළ යාමත් සමගම ඉදිරි දින තුන තුලදී ස්කොට්ලන්තයට සහ අයර්ලන්තයට දැඩි හිම පතනයක් බලපානු ඇතැයි කාලගුණ අංශ පුර්ව අනතුරු ඇගවීම් නිකුත් කළා.

අයහපත් කාලගුණයේ බලපෑම් එල්ල වන ප‍්‍රදේශයන්ට සෙන්ටිමීටර් 10ක පමණ උසකින් යුත් හිම පතනයක් අපේක්ෂිතයි. එසේම විදුලි බලය ඇණහිටීම් හා සන්නිවේදන මාර්ග අවහිරවීම්ද බලපා හැකි බැවින්  නිවෙස් තුළට වී විමසිලිමත්ව සිටින්නැයි බලධාරීන් සිවිල් වැසියන් හට උපදෙස් ලබා දී තිබෙනවා.