Friday, March 29, 2024

General line - 0115112241

හොඳම අපේක්ෂකයා මෙහෙමයි

හේමන්ත කහවලගේ




මෙවර මැතිවරණයේදී හොඳම අපේක්ෂකයා තෝරා ගන්නේ කොහොමද? 

විවිධ අය ඒ සම්බන්ධයෙන් දරන්නේ විවිධ අදහස්. ඔබේ තීරණයට වටිනාකමක් දෙන්න නෙත් නිවුස් අද (16) දේශපාලනය පිළිබඳ හසල අත්දැකීමක් ඇති කෘතහස්ත දේශපාලනඥයකු සංවාදයට එක්කර ගත්තා.

වසර 33ක දේශපාලන අත්දැකීමක් ඇති ඔහු හිටපු කථානායකවරයකුද වන වි ජ මු ලොකුබණ්ඩාරයි. හොඳම අපේක්ෂකයාට ඡන්දය දීමේ වැදගත්කම ඔහු පැහැදිළි කළේ මෙලෙසින්.

"ඡන්දය ලබා දිය යුත්තේ හොඳ වචන කතා කරන සිතෙහි යහපත් සිතුවිලි ඇති අපේක්ෂකයෙකුටයි. එහෙම කෙනෙකුට බලය ලැබුණාම ප්‍රශ්න රැසක් විසඳා ගන්න පුළුවන්."

මෙරව මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ටද සිය මැතිවරණ ව්‍යාපාරය දියත් කළ යුතු ආකාරය පිළිබඳ තම අත්දැකීම් ගෙනහැර දක්වමින් වි ජ මු ලොකුබණ්ඩාර හිටපු කථානායකවරයා මෙලෙස අදහස් පළ කළා.

"මැතිවරණය දිනා ගැනීමට අහිංසකකම තමයි හොඳම ක්‍රමය. අනුන්ගෙන් ඉල්ලා ගැනීමටනේ යන්නේ. ඒක කළ යුතු ආකාරයක් තියෙනවා. මැරකම් වංචා සිදු කරමින් රවටමින් මෙම කටයුතු සිදු කිරීමෙන් ජනතාව තුළ අප්‍රසාදයට ලක්වීම මිස ජනප්‍රියත්වයක් බැඳීමක් ඇති වෙන්නේ නැහැ."

තමන් දේශපාලනයට පිවිසි මුල් අදියරේදී ආදර්ශමත් ලෙස දේශපාලන ගමන ආරම්භ කළ අයුරු පැහැදිළි කළේ මෙලෙසින්.

"මම කවදාවත්ම දුම්වැටියක් හෝ මත්පැන් වීදුරුවක් මගේ මැතිවරණ ව්‍යාපාරයක් තුළ දීලා නැහැ."

ගමට රටට වැඩදායී නායකයින් බිහිකිරීමට නෙත් නිවුස් සහ නෙත් එෆ්. එම්. රේඩියෝව ගන්නා උත්සාහය හිටපු කථානායක වි ජ මු ලොකුබණ්ඩාරගේ පැසසුමට ලක් වුණා.