Thursday, April 25, 2024

General line - 0115112241

මතභේදාත්මක කාන්තා මත්පැන් තහනම ගැන තරුණියක් ජනපතිට තැබූ සටහන 




මත්පැන් අලෙවි සැල් විවෘතව තබන වේලාව සංශෝධනය කිරිම, මත්පැන් නිෂ්පාදනය කරන මෙන්ම අළෙවි කරන ස්ථානවල රැකියා කිරීම සදහා කාන්තාවන් යොදා ගැනීමට අදාළ ගැසට් නිවේදන ඊයේ (15) සිට අවලංගු කරන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. 

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉකුත් දා කියා සිටියේ කාන්තා සුරා තහංචිය ඉවත් කිරීම සම්බන්ධයෙන් එල්ල වූ විවේචන පිළිබඳ අවධානය යොමු කර එය යළි බලගැන්වීමට තමන් පියවර ගන්නා බවයි.

මේ අතර එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඉගෙනුම ලබන කාවින්ද්‍යා තෙන්නකෝන් නැමැති තරුණියක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත සටහනක් තබමින් ට්විටර් සමාජ ජාලයේ අදහස් පළ කරමින් පවසා තිබුණේ අධ්‍යාපනය ලබන අතරතුර තමන් මත්පැන් හලක සේවයේ නිරත වන බවයි.

"ඔබේ රටේ කාන්තාවෝ තමන් ගැන තීන්දු ගන්න තරම් ස්වාධීනයි. දවස් දෙකකට කලින් තරුණ ගැහැණු ළමයෙකු දුෂණය කර තිබුණා. එවැනි සැබෑ ප්‍රශ්න ගැන අවධානය යොමු කරන්න. ඔබේ පුරුෂෝත්තමවාදය පසුවට තබා ගන්න."