Wednesday, April 24, 2024

General line - 0115112241

කෝලි යළිත් පිත්තෙන් වැඩ පෙන්වයි (PHOTOS)

කසුන් කැලුම් - අන්තර්ජාලය ඇසුරෙන්




සංචාරක ඉන්දීය කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අද (16) සිවුවන දිනයයි.

ඊයේ (15) දිනය නිමා වන විට දෙවන ඉනිම කී‍්‍රඩා කරන දකුණු අපි‍්‍රකානු කණ්ඩායම කඩුලූ 2ක් දැවී ලකුණු 90 ක් ලබා සිටියා.

ඔවුන් පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 335ක්.

ඉන්දීය කණ්ඩායම පළමු ඉනිම සඳහා  ලකුණු 307ක් රැස් කළා. ඉන්දීය පළමු ඉනිම වෙනුවෙන් නායක විරාත් කෝලි ලකුණු 153ක් රැස් කිරීමට සමත් වුණා.

දකුණු අපි‍්‍රකානු කණ්ඩායම මේ වන විට කඩුලූ 8ක් අතැතිව ලකුණු 118ක් ඉදිරියෙන් සිටිනවා. තරගය පැවැත්වෙන්නේ සෙන්චූරියන් හිදියි.