Friday, April 19, 2024

General line - 0115112241

භාවිතා කළ 'අහඹු ගැබ් ගැනීම් වළක්වන ඖෂධ ඇසුරුම්' තොගයක් පාසලෙන් හමුවෙයි

ඉෂාර සුපෙම් මානගේ/උපාලි ආනන්ද




පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට පාසල් භූමියේ තිබී අහඹු ලෙස සිදුවන ගැබ් ගැනීම් වැලැක්වීම සඳහා කාන්තාවන් විසින් භාවිතා කරනු ලබන ඖෂධ වර්ගයක ඇසුරුම් විශාල ප‍්‍රමාණයක් හමු වී තිබෙනවා.

ඊයේ (15) දින සිදු කෙරුණු ශ්‍රමදානයකදී මෙම ඖෂධ ඇසුරුම් තොගය හමු වී තිබුණේ අනුරාධපුර නගරයේ මිශ්‍ර පාසලකදීයි.

අනුරාධපුර නගරාසන්නයේ පිහිටි එම විද්‍යාලයේ නව වසරේ පාසල් වාරය ආරම්භ කිරීමට පෙර මීට දින කිහිපයකට ඉහත දී පැවැති ශ‍්‍රමදාන කටයුත්තකදී පන්ති කාමරයකින් වීසිකරනු ලැබූ බවට සැකකරන කුඩා පාර්සලයක් මෙලෙස ඇයට හමුවී තිබුණා.

ඇය එම පාර්සලය පිළිබඳව සැකසිතී පරීක්ෂාවට ලක්කරද්දී එය භාවිතා කළ ඖෂධ වර්ගයක ආරක්ෂිත ඇසුරුම් කවර බව හඳුනාගෙන තිබෙනවා.

එම ඖෂධය හමු වූ මව එය අහඹු ගැබ් ගැනීම් වැලැක්වීම සඳහා යොදාගන්නා බව නොදැන  වෙනත් රෝගයකට හෝ සිසුන්ට මත් ගතිය ඇතිවීමට භාවිත කරන ඖෂධ යැයි සිතා ශ‍්‍රමදානයට සහභාගීව සිටි තවත් තරුණ මවකට පෙන්වා තිබෙනවා.

ඒ අවස්ථාවේ එම ඖෂධය අහඹු ගැබ් ගැනීම් වැළැක්වීම සඳහා භාවිතා කරන්නක් බවයි අනාවරණය කරගෙන ඇත්තේ.

ශ‍්‍රාමදාන අවස්ථාවේ හමු වූ කවරයේ භාවිත කළ ඖෂධ පෙති හතළිහක් පමණ අඩංගුවූ කවර 20ක ප‍්‍රමාණයක් හමු වූ බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.