Saturday, April 20, 2024

General line - 0115112241

මත්පැන් සිද්ධිය ගැන බුදුගල හිමිගෙන් ජනපතිට ලිපියක්




කැබිනට් මණ්ඩලය ගන්නා තීන්දු තීරණ සාමුහිකව ගැනීමට වගබලා ගන්නා ලෙස හෙළ බොදු සවිය සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එ් මත්පැන් අලෙවිසැල් විවෘතව තැබෙන නව කාල වේලාවන් සහිත ගැසට් නිවේදනය අවලංගු කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණයත් සමගයි.

මේ පිළිබඳව තමන් ජනාධිපතිවරයාට ලිපියකින්ද දැන් වූ බවයි හෙල බොදු සවිය සංවිධානයේ සභාපති පූජ්‍ය බුදුගල ජිනවංශ හිමියන් නෙත් නිවුස් වෙත කියා සිටියේ.

මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් නිකුත් කළ මෙම ගැසට් නිවේදනය වහාම අවලංගු කළ ජනාධිපතිවරයාට තමන් පුණ්‍යානුමෝදනා කරන බවයි පූජ්‍ය බුදුගල ජිනවංශ හිමියන් කියා සිටියේ.