Saturday, April 20, 2024

General line - 0115112241

මහින්දගේ නිවසේ රැස් වී අගමැතිගේ විශේෂ ප්‍රකාශය ගැන ගත් තීරණය

හේමන්ත කහවලගේ




එ්කාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ රැස්වීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජේරාම පාරේ පිහිටි නිල නිවසේදී අද (16) පැවැත්වුණා.

මෙම රැස්වීමේදී වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

අග‍්‍රාමාත්‍යවරයා විසින් ඉකුත්දා පාර්ලිමේන්තුවේදී සිදු කළ විශේෂ ප‍්‍රකාශය පිළිබඳව ප‍්‍රවෘත්ති නිවේදන නිකුත් කිරීමට පක්ෂ නායකයින් තීරණය කළ බවයි එහි ප‍්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ.

පාර්ලිමේන්තුවේ සිදුවූ නොසන්සුතාව සම්බන්ධයෙන්ද ඉදිරි පාර්ලිමේන්තු සැසියේදී අදහස් පළ කිරීමටද ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් තීරණය කර තිබෙනවා.

මේ අතර පාර්මේන්තු සභා ගර්භයේ ඉකුත්දා ඇති වූ සිදුවීම සැලසුම් සහගතව සිදු කළ එකක් බවට කථානායක කාර්යාලය සිදු කරන ප‍්‍රකාශය එ්කාබද්ධ විපක්ෂය ප‍්‍රතික්‍ෂේප කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් කථානායක කාර්යාලය පැවසුවේ පාර්ලිමේන්තුවේ කටයුතු අවුල් කිරීම සඳහා සැළසුමක් තිබූ බවට රහස්‍ය වාර්තා පාර්ලිමේන්තුවේ ආරක්ෂක අංශයට ලැබී ඇති බවයි.

කතානායක කාර්යාලය නිකුත් කළ මෙම නිවේදනය පිළිබඳව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ල මෙලෙස ප‍්‍රතිචාර දැක්වමින් අදහස් පළ කළා.