Friday, April 19, 2024

General line - 0115112241

දෙමළ සරණාගතයින් 39,000ක් තමිල්නාඩු ප‍්‍රාන්තයට

දිනසේන රතුගමගේ - වවුනියාව




යුධ සමයේදී ඉන්දියාවට පළා ගිය දෙමළ සරණාගතයින් 39,784ක් ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ සිටින බවට හෙලි වී තිබෙනවා.

ඒ ඉන්දීය මධ්‍යම රජය විසින් සිදුකළ සමීක්ෂණයකදීයි.

මෙම පිරිස කඳවුරු 101ක ජිවත්වන බවයි සමීක්ෂණයේදී වැඩිදුරටත් හෙළිවී ඇත්තේ.

තමිල්නාඩු නියෝජ්‍ය ප‍්‍රධාන අමාත්‍ය  ඕ පන්නීර් සෙල්වම් විසින් මධ්‍යම රජයෙන් කළ ඉල්ලීමක් අනුව මෙම සමීක්ෂණය සිදු කර තිබුණා.

ඉන්දියාවේ සිටින සරණාගතයින්ගෙන් තමිල්නාඩු ප‍්‍රාන්තයේ පුරවැසිභාවය ඉල්ලා සිටින පිරිසට පුරවැසිභාවය ලබා දීම සම්බන්ධයෙන් සලකා බැලිය යුතු බවයි ඔහු එහිදී සඳහන් කර ඇත්තේ.