Wednesday, April 17, 2024

General line - 0115112241

ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් ද ? TMVP පක්ෂයට මතුවූ අලුත් ප්‍රශ්නය මෙන්න

වසන්ත පිවිතුරු




ත්‍රස්ත ක්‍රියාවේ නිරත වූ පුද්ගලයෙකුට නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය තනතුරු ලබාදීම හුදෙක් ජාත්‍යන්තරයේ හොඳ හිත දිනා ගැනීම පමණක් බව තමිල් මක්කල් විඩුතලෛ පුලිහල් කට්චි හෙවත් දෙමළ ජනතා විමුක්ති කොටි පක්ෂය පවසනවා.

ඒ අනුවයි එල් ටි ටි ඊ සංවිධානයේ හිටපු ළමා සොල්දාදුවෙකු වූ පිල්ලෛයාන් හෙවත් ශිවනේෂතුරයි චන්ද්‍රකාන්තන් හට නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරය ලබාදුන් බවයි එම පක්ෂයේ මහලේකම් ප්‍රශාන්තන් පවසන්නේ.

එමෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්දන් වෙත විපක්ෂ නායක ධුරය ලබාදී ඇත්තේ ද හුදෙක් ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් පමණක් බවයි ඔහු පෙන්වා දී තිබෙන්නේ.

මඩකළපුව මන්මුනෛයි ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කළා.

පාර්ලිමේන්තුවේ ආසන 45 ක් සතු ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායක තනතුර නොදි ආසන 16ක් පමණක් හිමි දෙමළ ජාතික සන්ධානයට එම ධූරය ලබාද ඇත්තේ ද ජාත්‍යන්තරයට ශ්‍රී ලංකාවේ සංහිඳියාව නැමති මාෆියාව පෙන්නුම් කිරිමට බවයි ඔහු චෝදනා කර තිබෙන්නේ.

විපක්ෂ නායක ධුරයේ සිටින ආර් සම්බන්දන් වත්මන් ආණ්ඩුවේ අතකොළුවක් බවට පත්ව ඇති බව පෙන්වා දෙන තමිල් මක්කල් විඩුතලෛ පුලිහල් පක්ෂයේ මහලේකම්වරයා පැවසුවේ දෙමළ ජනතාවට මතුවන ගැටළු දැක මුනිවත රැකිම සඳහා විපක්ෂ නායක තනතුර ආර් සම්බන්දන්ට ලබාදී ඇති බවයි.

විපක්ෂ නායකයාද සිය ධුරය රැක ගැනීම සඳහා වත්මන් ආණ්ඩුවට අවශ්‍ය දේ පමණක් සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.