Wednesday, April 24, 2024

General line - 0115112241

පිටිය මැද කෝලිගේ නොහොඹිනා රංගනයකට දඩ

කසුන් කැලුම්




ඉන්දිය කණ්ඩායමේ නායක විරාත් කෝලිට දඩ පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

, දකුණු අප්‍රිකාව සමග පැවති 2වන ටෙස්ට් තරගයේදී විනිදසුරු තීරණ පීළිනොගනිමින් පන්දුව පොළවේ ගැසීමේ සිද්ධියක් හේතුවෙන්.

ඒ අනුව, කෝලිගේ තරග ගාස්තුවෙන් සියයට 25ක දඩ මුදලක් අය කර ගැනීමටයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත්තේ. 

මේ අතර, මෙම ටෙස්ට් තරගයේ සිව්වන දිනය වන අද 02වන ඉණිම ක්‍රීඩා කරන දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලූ 7ක් දැවී ලකුණු 231ක් රැස් කර සිටියා.

ඉන්දිය කණ්ඩායම පළමු ඉණිම වෙනුවෙන් සියලූ දෙනා දැවී රැස් කළේ ලකුණු 307ක් පමණයි.

දකුණු අප්‍රිකානු කණ්ඩායම පලමු ඉණිමේදි ලකුණු 335ක් රැස් කළා.

ඒ අනුව, කඩුලූ 3ක් අතැතිව දකුණු අප්‍රිකාව ඉන්දිය පළමු ඉනිමට වඩා ලකුණු 263ක් ඉදිරියෙන් සිටිනවා. තරගය පැවැත්වෙන්නේ සෙන්චූරියන්හිදියි.