Friday, March 29, 2024

General line - 0115112241

සංවර්ධනය වන උතුරේ වරාය




කන්කසන්තුරේ වරාය වානිජ වරායක් ලෙස සංවර්ධනය කිරීමට ඉන්දියානු රජය ඉදිරිපත් වී තිබෙනවා.

ඒ සහා ඉන්දිය රජය වැය කිරීමට අපේක්ෂිත මුදල අමෙරිකානු ඩොලර් මිලියන 45.27ක්.

 ඊට අදාළ අවබෝධතා ගිවිසුමකට  නවදිල්ලියේදී අත්සන් තැබුණු බවයි මුදල් අමාත්‍යංශය පැවසුවේ.

මෙම ව්‍යාපෘතිය සහා මුල්‍යාධාර සපයන එක්සිම් බැංකුව සහ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර් එච් එස් සමරතුංග ගිවිසුමට අත්සන් තැබූ බවයි මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

මෙම ව්‍යාපෘතිය මගින් කන්කසන්තුරේ වරාය කලාපීය නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ උත්සාහය තවදුරටත් ශක්තිමත් වනු ඇති බවද මුදල් අමාත්‍යංශය සහන් කළා.