Saturday, April 20, 2024

General line - 0115112241

තීරණය යළි සළකා බලා සංශෝධනයක් ඉදිරිපත් කරන්න ඇරයුමක්

Briton express ඇසුරෙන්




යුරෝපා සංගමයෙන් ඉවත්වීමට මහ බ්‍රිතාන්‍යය ගත් තීරණය ඉල්ලා අස්කර ගත යුතු බව යුරෝපා සංගමයේ ප්‍රධානි ඩොනල්ඩ් ටස්ක් ඉල්ලීමක් කර තිබෙනවා..

මෑත කාලීනව මහ බ්‍රිතාන්‍යය ගත් තීරණය අතර වැරදි තීරණය මෙය ලෙස තමා දකින බවයි ඔහු පෙන්වා දී තිබෙන්නේ.

කෙසේ වෙතත් පසුගිය 2016 වසරේ දී පැවති ජනමත විචාරණයේ දී යුරෝපා සංගමයෙන් ඉවත්වීමට මහ බ්‍රිතාන්‍යය තීරණය කළා.

එහිදී ජනතාවගේ බහුතර කැමත්ත වූයේ ද යුරෝපා සංගමයෙන් මහ බ්‍රිතාන්‍යය ඉවත්විය යුතුයි යන්නයි.

එම තීරණය 2016 දී ගත්ත ද යුරෝපා සංගමය සමග ඇති එකඟතාවන් අනුව හදිසියේම ඉන් ඉවත්වීමට බ්‍රිතාන්‍යයට අවස්ථාව හිමි වුයේ නැහැ.

ඒ සම්බන්ධයෙන් අධ්‍යනය කිරිමට කාලය ලබාදී තිබුණා.

එම කාලය 2019 වසරේ මාර්තු 29 දින අවසන්වීමට නියමිතව ඇති අතර යුරෝපා සංගමයෙන් ඉවත්වීමට අවශ්‍ය පියවර බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය තෙරේසා මේ විසින් කඩිනමින් සකස් කරමින් සිටිනවා.

කෙසේ වෙතත් පසුගියදා යුරෝපා පාර්ලිමේන්තු සාමාජිකයන් සමග සාකච්ඡා කළ එම සංගමයේ ප්‍රධානි ඩොනල්ඩ් ටස්ක් සඳහන් කළේ "අපගේ බ්‍රිතාන්‍යය මිතුරා අප සංගමයෙන් ඉවත් වීමට ගත් තීරණයේ කිසිඳු වෙනසක් වී නොමැති නම් ඔවුන්ට අර්බුධ රැසකට මුහුණ දීමට සිදුවන"බවයි.

එම නිසා අදාළ යෝජනාව සම්බන්ධයෙන් යළි වරක් සලකා බලා සංශොධනයක් ඉදිරිපත් කරන ලෙසයි ඔහු ඉල්ලා ඇත්තේ.