Friday, April 19, 2024

General line - 0115112241

මුහුදෙන් හමු වූ දේ (PHOTOS)

මාධව කුලසූරිය -වවුනියාව




මුලතිව්, මුල්ලිවයික්කාල් ප‍්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් පිරිසකගේ මාළු දැලක පැටලී විශාල යකඩ බෝල දෙකක් ඊයේ (16) ගොඩට විත් ඇති බව මුලතිව් ධීවර ජනතාව පවසනවා.

මුලතිව් ධීවරයින් පැවසූවේ විශාල මාළු දැලකට අදාළ යකඩ බෝල පැටලී තිබූ බවයි.

මෙම යකඩ බෝලයක් කිලෝග්‍රෑම් 25 කින් පමණ බරින් යුතු වන බවයි ධීවරයින් පෙන්වා දෙන්නේ.

කිසියම් සාගර කටයුත්තක් වෙනුවෙන් භාවිතා කළ යකඩ බෝල දෙකක් එලෙස දැලට පැටලී ඇති බවට මුලතිව් ධීවරයින් විශ්වාස කරනවා.

මෙලෙස ගොඩට ආ යකඩ බෝල පිළිබඳව පරීක්ෂා කිරීමට නියමිත බවයි මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාලයේ නිළධාරීන් පැවසුවේ.