Friday, April 26, 2024

General line - 0115112241

සිය තරුණ බිරිඳ වැසිකිළි වලක දමා සැමියා සිදු කළ අපරාධය සඟවන්න බැරි වෙයි

ඉෂාර සුපෙම් මානගේ




පුරුෂයෙකු විසින් සිය තරුණ බිරිඳව ඝාතනය කර වැසිකිළි වලක දමා ඇති බවට පොලිසියට තොරතුරක් ලැබී තිබෙනවා.

ඉකුත් 2016 වසරේ මාර්තු මස 31 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී මෙම ඝාතනය සිදුව ඇති බවටයි එහිදී පොලිසියට තොරතුරු ලැබී තිබුණේ.

ඒ අනුව හම්බෙගමුව කණ්ඩියපිට ප්‍රදේශයේ සිදුව ඇති මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය කඩිනමින් විමර්ශන ආරම්භ කළා.

පවුල් ආරවුලක් මත සිදුව ඇති බවට සැක කරන මෙම ඝාතනයේ මරණකාරිය වයස අවුරුදු 23ක් වූ කාංචනා සෙව්වන්දි නැමැත්තියක්.

මේ වන විට අදාළ ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (17) දින සිදු කිරීමට නියමිතයි.