Friday, March 29, 2024

General line - 0115112241

ඡන්දෙන් පස්සේ සිදුවෙන දේත් ඡන්ද දායකයා සිතිය යුතුයි

සජිත් තිලකරත්න




නව ඡන්ද ක‍්‍රමයක් යටතේ පවත්වන මෙවර පලාත් පාලන ආයතන ඡන්ද විමසීම මගින් තේරී පත්වන සභිකයනක් ගණන පෙර පැවති පළාත් පාලන ආයතන නියෝජනය කළ ප‍්‍රමාණයට වඩා සැළකිය යුතු ලෙස වැඩි වනවා.

පළාත් පාලන ආයතන 341ක් සඳහා මෙවර තෝරා ගන්නා මහජන නියෝජිතයන් ගණන 8356ක්.

එමගින් ජනතාවට දැරීමට සිදුවන වැය බර පිළිබඳවද විවිධ අදහස් පළ වනවා.

මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක පෙන්වා දුන්නේ මැතිවරණයෙන් පසු පත්වන සභිකයින්ගේ වැටුප සහ අවම වියදම එක මාසයක් සඳහා රුපියල් මිලියන 179ක් වෙන බවයි.  එම වියදම පෙබරවාරි මාසයෙන් පසු සෑම මාසයකම ජනතාවට දැරීමට සිදු වෙන බවද ඔහු පැවසුවා.

මෙවැනි තත්ත්වයක් හමුවේ නිර්මාණාත්මක මිනිසුන් මහජන නියෝජිතයින් ලෙස තෝරා පත්කර ගත යුතු බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.