Thursday, April 25, 2024

General line - 0115112241

රාජකාරියකට ගිය රජයේ නිලධාරීන් රථය ඇතුළේ කළ දේ පොලිසියට මාට්ටු (PHOTOS)

දිනසේන රතුගමගේ




රජයේ නිලධාරීන් ගමන් ගත් රථයක් ඊයේ (16) සවස අනතුරකට ලක්වීමෙන් එහි සිටි තුන්දෙනා බරපතල තුවාල ලබා තිබෙනවා.

වවුනියාව නෙඩුන්කේණි නයිනමඩම ප්‍රදේශයේදී මෙම අනතුර සිදු වුණා.

තුවාලකරුවන් ඇතුළත් කෙරුණේ නෙඩුන්කේණි රෝහලටයි.

මෙම අනතුරට හේතුව පොලීසිය විසින් සොයා බැලීමේදී වාහනය පදවා ඇති පුද්ගලයා අධික ලෙස බීමත්ව සිටි බව අනාවරණය වී තිබෙනවා.

ඔහු එම රථයේ රියදුරා නොව රාජකාරී කටයුත්තක් සඳහා ගිය නිලධාරීන්ගෙන් එක් අයෙකු බවයි වැඩි දුරටත් හෙළිව ඇත්තේ.

වාහනයේ තැන් තැන්වල තිබී අඩක් හිස් වූ මත්පැන් බෝතල් සහා කෑම වර්ග පොලීසියට හමුවී තිබෙනවා.

මෙම අනතුරෙන් රජයට අයත් කැබ් රථයටද බරපතල ලෙස අලාභ හානි සිදුව තිබෙනවා.