Friday, April 19, 2024

General line - 0115112241

සන්ධානයේ මැතිවරණ කාර්යාලයකට ගිනි තබයි (PHOTOS)

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට




අම්බලන්තොට බැමිනියන්විල කොට්ඨාශයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ අම්බලන්තොට ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයෙකුගේ මැතිවරණ කාර්යාලයකට ඊයේ (16) රාත්‍රියේ කිසියම් පිරිසක් ගිනි තබා තිබෙනවා.

ගිනි තැබීමෙන් කාර්යාලයේ  අපේක්ෂකයාගේ රුව ප්‍රදර්ශනය කර තිබු කටවුට් කිහිපයකට හා සැරසිලි රැසක් විනාශ වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.