Thursday, April 25, 2024

General line - 0115112241

'Idea අභිමන් 2018' ප්‍රසංගයේ ඇස ගිය තැන් (PHOTOS)




Idea සමූහ ව්‍යාපාරය දෙවන වරටත් සංවිධානය කළ 'Idea අභිමන් 2018' ප්‍රසංගය පසුගිය 06 වැනිදා බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත් වුණා.

Idea සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී සම්පත් මායාකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහි කටයුතු සිදු කෙරුණා. 

ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක, ශෂිකා නිසංසලා, ආත්මා ලියනගේ, ප්‍රියා සූරියසේන ඇතුළු කලාකරුවන්ගෙන් ප්‍රසංගය රසවත් වූ අතර කැළුම් ශ්‍රීමාල් විසින් ප්‍රසංගය මෙහෙයවනු ලැබුවා.

4000 කට අධික Idea සමූහ ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන්, සැපයුම්කරුවන් හා සාමාජික සාමාජිකාවන්ගේ වින්දනය සඳහා මෙම ප්‍රසංගය සංවිධානය කර තිබුණා.

(එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙයි)