Wednesday, April 24, 2024

General line - 0115112241

සුබ පතන්න LTTE සළකුණු යොදා ගත් දෙදෙනෙකුට වැඩ වරදියි




එල්.ටී.ටී.ඊ. සළකුණු යොදා ගෙන සමාජ ජාල මාධ්‍ය ඔස්සේ විවිධ ක්‍රියා සිදු කළ දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම සැකකරුවන් දෙදෙනා විසින් ඉකුත් නව වසරට සුබ පැතුම් එක් කිරීම සඳහා මෙලෙස එල්.ටී.ටී.ඊ. සළකුණු යොදා ගෙන ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.

සැකකරුවන් දෙදෙ‍නා එළඹෙන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි එහිදී නියෝග කෙරුණේ.

ඒ, කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.

ත‍්‍රස්ත විමර්ශන ඒකකය විසින් ඉකුත් දා මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවා.