Thursday, April 25, 2024

General line - 0115112241

තේ සහ ඇස්බැස්ටෝස් අතර කතාව ගැන රුසියානු තානාපතිගෙන් පැහැදිළි කිරීමක්




ශ‍්‍රී ලංකාවේ තේ අපනයනය සහ රුසියාවෙන් ඇස්බැස්ටස් ආනයනය අතර සම්බන්ධයක් නොමැති බව ශ‍්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මෙටි‍්‍රට් පවසනවා.

ඔහු මේ බව ප‍්‍රකාශ කර ඇත්තේ කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් සමග එම අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදියි. 

ශ‍්‍රී ලංකාව සහ රුසියාව අතර සමීප මිත‍්‍රත්වයක් පවතින බවත් තේ තහනමට හේතු වූයේ කෘමියෙකු බවත් රුසියානු තානාපතිවරයා එහිදි වැඩිදුරටත් පෙන්වා දුන්නා. 

එමෙන්ම රුසියාව සැම විටම ශ‍්‍රී ලංකාව සමග පවතින සබඳතා දියුණු කර ගැනීමට කැමැත්තෙන් පසුවන බවයි තානාපතිවරයා කියා සිටියේ.

දෙරට අතර, වානිජ හා වෙළඳ ගනුදෙනු වඩාත් පුළුල් කර ගැනීමට මොස්කව් නුවර පැවැත්වෙන ශ‍්‍රී ලංකා රුසියා සහයෝගීතා කොමිසමට සහභාගී වන ලෙසටද ශ්‍රී ලංකා බලධාරීන්ට තාතාපතිවරයා මෙහිදි ආරාධනා කළා.