Friday, April 26, 2024

General line - 0115112241

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී තීන්දු තීරණ කිහිපයක් ගනී

සමන්ත කුමාර




එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (17) පෙරවරුවේ රැස් වුණා.

එහිදි සාකච්ඡා වූ කරුණු පිළිබඳ නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු කියා සිටියේ "පක්ෂයේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් ගතයුතු තීන්දු තීරණ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි අපි රැස් වුණේ. එහිදී අපේ මූලික ඉලක්කයන් හඳුනා ගත්තා. බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පක්ෂය අනුගමනය කරන්නේ මොනවගේ පිළිවෙතක්ද කියන කරුණ සම්බන්ධයෙනුත් අපි සාකච්ඡා කළා. පක්ෂයේ ප්‍රධාන ජ්‍යෙෂ්ඨයන් මෙම සාකච්ඡාවට සම්බන්ධ වුණා." යනුවෙනි.

ජනාධිපතිවරයා සම්බන්ධයෙන් විවේචන සිදු නොකිරිමට මෙහිදී තීරණයක් ගත් බවද හරීන් ප‍්‍රනාන්දු අමාත්‍යවරයා පැවසුවා.

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිඇමතිවරු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් ඔවුන් ඉලක්ක කර පිළිතුරු දෙනවා මිසක් ජනාධිපතිවරයා ඉලක්ක කර ගත යුතු නෑ කියන එක සාකච්ඡා වුණා. ඒ තීරණය කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත්තා."

ජනාධිපතිවවරයා විවේචනය කිරීම සම්බන්ධයෙන් තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ද  අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මෙහිදී අදහස් පළ කළා.

"අපි කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් අපිට හොර ලේබලය අලවන මැතිඇමතිවරු එදා ජනාධිපතිවරයා එක්ක හිටියේ නෑ කියන එක. මේක එක එක පුද්ගලයෝ හුවා දක්වන විදිහ තමයි ප්‍රශ්නය වුණේ. ඒකේ කරුණු දැක්වීම තමයි අද සිදු වුණේ. කොහොම වුණත් දැන් තීරණයක් අරන් ඉවරයි."