Wednesday, April 24, 2024

General line - 0115112241

ඉතිහාසයේ පළමු වරට ස්වාධීන කණ්ඩායම් වෙනුවෙන් සිදු කෙරෙන වැඩසටහන

හේමන්ත කහවලගේ




මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත්ව සිටින ස්වාධීන කණ්ඩායම්වල නායකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මැතිවරණ කොමිෂන් සභාව සංවිධාන කර තිබෙනවා.

ඒ අනුව, හෙට (18) සිට දින 3ක් දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකදී එම වැඩසටහන ක‍්‍රියාත්මක වන බවයි එම කොමිසම පැවසුවේ.

හෙට දිනයේ වැඩසටහන මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙන අතර, ඊට දිස්ත‍්‍රික් ගණනාවක ස්වාධින කණ්ඩායම්වල නායකයන් සහභාගී වීමට නියමිතයි.

19 වැනිදා මහනුවර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදීත් 20 වැනිදා වව්නියාව සහ මඩකලපුව යන ප‍්‍රදේශවලදීත් එම වැඩසටහන් ක‍්‍රියාත්මක වනවා.

මැතිවරණයකට ඉදිරිපත් වූ ස්වාධීන කණ්ඩායම් වෙනුවෙන් මෙවැනි වැඩසටහනක් ක‍්‍රියාත්මක වන්නේ ඉතිහාසයේ පළමු වරටයි.