Wednesday, April 24, 2024

General line - 0115112241

ආණ්ඩුවට යනබව කියූ විමල් ඡන්ද වැඩට ගමට බැස්ස හැටි (PHOTOS)




ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී, පෙර මැතිවරණවලදී මෙන්  ක්‍රියාකිරීව දක්නට නොලැබුණ බව පසුගිය කාලයේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වඩාත් කතාබහට ලක්විය. මෑත කාලයේ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානීන් සහභාගී වු, ඔහුද සිටිය යුතු බොහෝ තැන්වල ඔහු දක්නට ලැබුණේද නැති තරම්ය. ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත්ව ආණ්ඩුව සමග සම්බන්ධවීමේ සූදානමක් තිබූ බවද ඒ සමග කතාබහ විය.

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක, හිටපු ලේකම් පියසිරි විජේනායක සහ උතුරුමැද පළාත් සභා හිටපු මන්ත්‍රී පී.ඩී. කුමාර ඇතුළු පිරිසක් පක්ෂය හැරදමා ජනාධිපතිවරයා සහග එකතුවීමද ඒ අතරතුර සිදුවිය.

එසේ පිරිසක් පක්ෂය හැරයමින් සිටියදීත්, තරමක නිහඬ බවක සිටි විමල් වීරවංශ පළමුවරට මෙවර මැතිවරණය වෙනුවෙන් පැවති ප්‍රසිද්ධ වේදිකාවක ඔහු දුටුවේ පසුගියදා කඩවත පැවති ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන ජන රැළි මාලාවේ පළමුවැන්නේදීය. 

ජනතා විමුක්ති පෙරමුණේ සිටියදීත්, ඉන් පසුවත් දේශපාලන වේදිකාවල අවසාන ප්‍රධාන කථිකයා වූයේ විමල්ය. ඒ රැස්වීමට ආ ඡන්ද දායකයන් රැස්වීම අවසානය වනතෙක් රඳවා ගැනීමේ තුරුම්පුව ලෙසිනි.

විමල් මෙවර මැතිවරණයේදී ජනතාවට සමීප වන්නේ ඒ පෙර පුරුදු ක්‍රමයට නොවේ. ගමට යාමෙන්ය. මේ විමල් කුරුණැගල රිදීගම ප්‍රාදේශීය සභාවට ඇඳාපොල කොට්ඨාශයෙන් තරඟ වදින ජාතික නිදහස් පෙරමුණේ ශාලිංග බණ්ඩාරගේ ජය තහවුරු කිරීමේ ජන හමුවකට සහභාගීවූ අයුරුය.