Friday, April 26, 2024

General line - 0115112241

සැකකරුවන් අධිකරණයට ගෙන ඒමට සීමා පැනවේ




සැකකරුවෙකු හෝ චූදිතයෙකු අධිකරණයට ඉදිරිපත් කළ යුතු අවස්ථා සීමා කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා. අත්අඩංගුවට ගන්නා සෑම සැකකරුවෙකුම පැය 24ක් තුළ මහේස්ත‍්‍රාත්වරයෙකු හමුවට ඉදිරිපත් කළ යුතුයි. එහිදී ඇප දීමකින් තොරව රක්ෂිත බන්ධනාගාර ගත කරන අවස්ථාවක එම නියෝගය දීර්ඝ කර ගැනීම සඳහා සාමාන්‍යයෙන් සති දෙකකට වරක් රැඳවියන් මහේස්ත‍්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කළ යුතු වනවා.

එලෙස වරින් වර රැඳවියන් ඉදිරිපත් කිරීමේදී ඔවුන්ට එරෙහි ජිවිත තර්ජන මෙන්ම පළායාම් සහ අධිකරණ පද්ධතියේ ප‍්‍රමාදයන් අවම කර ගැනීම සඳහායි නව තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව නිශ්චිතව හඳුනාගත් අවස්ථාවන් යටතේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝග දීර්ඝ කිරීමේ පරමාර්ථයෙන් සැකකරු මහේස්ත‍්‍රාත්වරයා හමුවට පැමිණවීම අවශ්‍ය නොවනු ඇති.