Thursday, April 25, 2024

General line - 0115112241

ලංකාවේ ලියාපදිංචි ජපන් යතුරුපැදි ගණන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේතුව දන්නේ නැතිලු




මෙරට ලියාපදිංචි ජපානයේ නිෂ්පාදිත යතුරුපැදි සංඛ්‍යාව කොපමණදැයි දෙපාර්තමේන්තුව නොදන්නා බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසා ඇතැයි සමස්ථ ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තමන් මේ සඳහා ඉල්ලීමක් කළ විට එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරියක විසින් ඒ බව දන්වා ඇතැයි සමස්ථ ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ සභාපති චිරන්ත අමරසිංහ පවසනවා.  අදාල පිළිතුරු ලිපියද ඔහු මාධ්‍ය වෙත ලබා දී තිබෙනවා.

මේ ඔහු විසින් දෙපාර්තමේන්තුව වෙත යවන ලද ලිපිය පහතින් දැක්වේ.