Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පිළ පරදා සිම්බාබ්වේ ලැබූ ජයෙන් පසු සිදු වූ වෙනස

තරංග රුක්ෂාන් ජයසේකර




ශී‍්‍ර ලංකා කණ්ඩායම පරාජය කරමින් සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ (17) ලැබූ ජයග‍්‍රහණය කි‍්‍රකට් වාර්තා පොත් අතරට එක්වී තිබෙනවා.

විදේශිය රටකදී ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය ලැබූ රටක් සිම්බාබ්වේ කණ්ඩායම මෙලෙස පරාජය කර ඇත්තේ වසර 15කට පමණ පසුව වීමද විශේෂත්වයක්. 

එමෙන්ම පිටපිට තරග 3කදී සිම්බාබ්වේ කණ්ඩායම විසින් ශී‍්‍ර ලංකා පිළ පරාජයට පත් කළ ඉතිහාසයේ පළමු අවස්ථාවද මෙය වනවා.

මීට පෙර ශී‍්‍ර ලංකා සංචාරයේ අවසන් තරග දෙක ජය ගත්තේ ද සිම්බාබ්වේ පිළයි. ඊයේ පැවැති තරගයෙන්ද සිම්බාබ්වේ පිළ ලකුණු 12ක ජයක් අත් කර ගත්තා.