Friday, April 19, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂයට අවාසි කරුණක් සමාජ ගත කරන්නට සැළසුමක්

හේමන්ත කහවලගේ




මැතිවරණය ආසන්න වෙත්ම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්තී‍්‍රවරුන්ගේ නිදහස් පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමේ සූදානමක් ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

ඊට අදාළ පැහැදිළි තොරතුරු තමන් සතුව ඇති බවයි ඔහු කියා සිටියේ.

"අපි ගාව පැහැදිළි ආරංචි තියෙනවා..ඡන්දයට සතියක් විතර තියලා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය තහනම් කරන්න පුළුවන්. මැතිවරණයෙන් පස්සේ සියලු දෙනාගේ සාමාජිකත්වය තහනම් කරයි කියලා කතාවක් සමාජ ගත කරන්නට පියවර ගනිමින් ඉන්නවා."

ඊට මුහුණ දීම සඳහා ගත හැකි සෑම පියවරක්ම මේවනවිට ගනිමින් සිටන බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ. 

"මේ වන විට අපි නීතිය පිළිබඳව පූර්ව දැනුමක් ලබා ගෙනයි ඉන්නේ.. ගන්න ඕන ක්‍රියාමාර්ග සියල්ල නියමිත වේලාවට ගන්නවා." යනුවෙනි එහිදී සඳහන් කළා.

කුමන බාධා එල්ල වුවද මැතිවරණ කටයුතු අඛණ්ඩව සිදු කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.