Friday, March 29, 2024

General line - 0115112241

ප‍්‍රචාරක රැළි සඳහා අද සිට බලපාන නව නීති මෙන්න! කරන වැරදි FB දාලා වැඩක් නැහැ!

කසුන් කැලුම්




එළඹෙන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් පැවැත්වෙන ප‍්‍රචාරක රැළි සඳහා අද සිට බලාත්මක වන පරිදි නව නියෝගයක් පනවා තිබෙනවා. ඒ පිළිබඳ කරුණු දක්වන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය පවසන්නේ පක්ෂ නායකයින් එන උත්සව වලදී රැස්වීම් භූමියේ සිට මීටර් 400ක් සැරසීමට අවසර හිමිවන බවය. තොරණ ඉදිකළ හැක්කේද රැස්වීම් භූමියට ඇතුළුවන ස්ථානයේ පමණි. දීර්ඝ කාලයක් කටවුට් ප්‍රදර්ශනයද තහනම් කර තිබෙනවා.

නීතිගරුක මැතිවරණයක් සඳහා මහජන සහය ද අත්‍යවශ්‍ය බව මෙහිදී අවධාරණය කෙරුණා. මැතිවරණ නීති උල්ලංඝණය වීමක් පිළිබඳ කිසියම් තොරතුරක් වෙතොත් ළඟම ඇති පොලිසියට හෝ මැතිවරණ කොමිසමට ඒ බව දැනුම් දෙන්නැයි මෙහිදී ඉල්ලීමක් ද කෙරුණා. 

එළඹෙන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් නීති විරෝධීව අලවනු ලබන පෝස්ටර් මත සහ මෙම වකවානුවේදී රජයේ වියදමින් බෙදාදෙන සහනාධාරවල ඇලවීම සඳහා සිය නිවේදන දැන් සූදානම් කර ඇතැයි මැතිවරණ කොමිසම පවසනවා. අදාළ පෝස්ටර් නීති විරෝධි බවත් බෙදාදෙන සහනාධාර රජයේ වියදමින් බවත් ඡන්දදායකයින්ට ඒත්තු ගැන්වීමට එමගින් අපේක්ෂා කරන බවයි එහි සභාපති මහින්ද දේශප‍්‍රිය කියා සිටියේ. 

කිසියම් අයෙකු මැතිවරණ නීති උල්ලංඝණය කිරීම පිළිබඳ පැමිණිල්ලක් ඇත්නම් ඒවා සමාජජාල මාධ්‍යවල පළ කිරීම නොව කළ යුත්තේ ඒ පිළිබඳ පොලිසියට පැමිණිලි කිරීම බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

මැතිවරණ පැමිණිලි මැතිවරණ කොමිසම වෙත ද යොමු කළ හැකි බව මෙහිදී සිහිපත් කෙරුණා.