Friday, April 19, 2024

General line - 0115112241

මැතිව්ස්ට විශිෂ්ඨයකු වන්නට තිබූ අවස්ථාව අද තරගයෙන් ගිලිහෙයි




තුන්කොන් එක්දින කි‍්‍රකට් තරගාවලියේ සත්කාරක බංග්ලාදේශය සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර තරගය මීර්පූර්හි ශී‍්‍ර බංග්ලා කී‍්‍රඩාංගණයේදී අද පැවැත්වෙනවා. දිවා රාති‍්‍ර තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් උදෑසන 11. 30ට ආරම්භ වීමට නියමිතයි.

ඇන්ජලෝ මැතිව්ස් පාදයේ ආබාධයකට ලක්විම හේතුවෙන් අද තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට දිනේෂ් චන්දිමාල් නායකත්වය ලබා දෙනවා. 

මැතිව්ස් මෙම තරගයට නායකත්වය ලබා දුන්නේනම්, ඔහු නායකත්වය දෙනු ලබන 100 වැනි එක්දින තරඟය වනවා. අද තරගය අහිමි නොවූයේනම් එක්දින තරග 100කට වඩා නායකත්වය දුන් සිව් වැනි ශ්‍රී ලංකා නායකයා වීමට ඔහුට අවස්ථාව තිබුණා.