Thursday, April 25, 2024

General line - 0115112241

හිමිනමක් පැහැරගෙන ගිහින් වද හිංසා කොට, මුස්ලිම් ව්‍යාපාරිකයා දුන් රු. 125000ක් කොල්ල කාලා (PHOTOS)

සමන් විජය බණ්ඩාර




මාවනැල්ලේදි අම්පාරේ විහාරස්ථානයක හිමි නමක් කළු පැහැති කාර් රථයකින් තිදෙනෙක් විසින් පැහැර ගෙන ගොස් ඇස් බැද පාලූ නිවසක රඳවා දින දෙකක් කෲර ලෙස වද හිංසනයට ලක් කොට නිරාහාරව හිඳුවා හිමිනම අත තිබු රුපියල් එක්ලක්ෂ විසිපන්දහසක මුදලක් සොරා ගෙන මරණ තර්ජනය කර පලා යෑමේ සිද්ධියක් මාවනැල්ල ප‍්‍රදේශයෙන් අද ( 19) වාර්තා විය.

මෙලෙස වද හිංසනයට සහ මරණ තර්ජනයට ලක් වි ඇති ස්වාමීන් වහන්සේ වන්නේ පිං පාරේ සුමනරතන හිමියන්ය. උන්වහන්සේ වයස අවුරුදු 58 ක් වන අතර දැනට වැඩ වාසය කරනු ලබන්නේ අම්පාර දිස්ත‍්‍රික්කයේ පදියතලාව පොලිස් බල ප‍්‍රදේශයේ ඇති පිංකෙත රජමහ විහාරයේය.

හිමියන් විසින්වෙ ළෙඳ ආයතනයකින් මිලයට ගත් ත‍්‍රිරෝද රථයක් කාලයක් පාවිච්චි කිරිමෙන් පසුව එම රථයේ තිබු දුර්වලතා හේතු කොට ගෙන නැවත විකිණිමට එම ව්‍යාපාරික ස්ථානයට භාර දි තිබෙනවා. පසු, වෙළෙඳ සැලේ හිමිකරු විසින් හිමියන්ට මාස තුනකට වැඩි කාලයක් ගත විමෙන් පසුව මාරු වන චෙක් පතක් ලබා දි ඇත. 

හිමියන් සතු වූ චෙක් පත එම කාලය ගත විමට පෙර ආපසු ව්‍යාපාරික ස්ථානයට දි මුදල් ලබා ගැනිමට උන් වහන්සේ අම්පාරේ සිට මාවනැල්ල දක්වා පැමිණ ඇත්තේ විදේශගත විමට මුදල් හදිසියක් ඇති විම නිසාය.  හිමියන් පවසන පරිදි එම චෙක් පතේ මුළු වටිනාකම රුපියල් එක්ලක්ෂ විසිපන්දහසක මුදලකි. ඒ අනුව පසුගිය දිනක උදෑසන 7.10 ට පමණ මාවනැල්ලේ ත‍්‍රිරෝද රථ විකුණන ව්‍යාපාරික ස්ථානයට ගොස් එය වසා තිබු හෙයින් එම ස්ථානයේ හිමිකරුට දුරකථනයෙන් කථා කර ඇත්තේ චෙක් පතේ මුදල් ලබා ගැනිමටයි.

එම නිසා ඔහු ව්‍යාපාරිකයාට කථා කොට මුදල් ගැනිමට අවශ්‍ය බව පවසා ඇති අතර ව්‍යාපාරිකයා පවසා ඇත්තේ ත‍්‍රිරෝද රථය තවමත් විකිණි නැති බවයි. එය ව්‍යාපාරික ස්ථානයේ තිබෙන බව හිමියන්ට පැවසුවත් හිමියන් පවසා ඇත්තේ තමා අම්පාරේ සිට පැමිණ ව්‍යාපාරික ස්ථානය ඉදිරිපිට සිටින බවත් එහි තමාගේ ත‍්‍රීරෝද රථය නොමැති බවයි. 

හිමියන් එසේ පැවසු පසු ව්‍යාපාරික ස්ථානයේ අයිතිකරු ඉතා ඉක්මනින් එහි පැමිණෙන බව පවසා පැය බාගයකට පසුව එහි පැමිණ උන්වහන්සේට ඔහුගේ ව්‍යාපාරික ස්ථානයේ ඇතුලත කාර්යාලයට පැමිණෙන ලෙස පවසා රුපියල් 5000 සේ නොට්ටු වලින් හිමියන්ට රුපියල් 125000 ක මුදල ලබා දි ඇත. ත‍්‍රීරෝද රථය අකුරන අයෙකුට කුළි ගමන් යෑමට ලබා දුන් බව ද ව්‍යාපාරිකයා හිමියන්ට පවසා ඇත. 

අනතුරුව මිට කලින් එම ආයතනයෙන්ම මිලයට ගත් යතුරු පැදිය ලියාපදිංචිය සඳහා උන්වහන්සේ රුපියල් 125000 ක මුදලද රැගෙන කොළඹ බලා පිටත්ව ගොස් ඇත. කොළඹ ගොස් යතුරු පැදිය ලියාපදිංචි කිරිමට උත්සාහ කර නමුත් එම ලියාපදිංචි ආයතනය විසින් හිමියන්ට පවසා ඇත්තේ මෙම යතුරු පැදිය ලියාපදිංචි කරන්නේ නම් යතුරු පැදිය මිට පෙර පාවිච්චියට ගත් අයිතිකරුගෙන් මෙම ලියාපදිංචියට මාගේ විරුද්ධත්වය නැති බව සනාථ කරන ලද ඔහුගේ අත්සන් සහිත ලිපියක් අවශ්‍ය බවයි.

"මම මාවනැල්ලේ වාහාන සෙල් එකෙන් මිලයට ගත් යතුරු පැදිය ලියාපදිංචි කරන්න බැරි වුන නිසා ඒ අවශ්‍යයයි කියු ලියුම ගැන මාවනැල්ල වාහන සෙල් එකේ මහත්තයාට කිවා. එතුමා කිව්වා මමත් දැන් ගම්පොල ඉන්නේ. ඒ වුනත් කමක් නැහැ ඔබ වහන්සේ වඩින්න කියලා. මමත් 16 වැනිදා ව්‍යාපාරික මහත්තයා කියපු විදිහට කොළඹ ඉදන් මාවනැල්ලේ ඇවිත් බැස්සා. එතකොට  8.30 ට විතර ඇති. මම මාවනැල්ලේ ඔර්ලෝසු කණුව ගාව හිටගෙන හිටියා ව්‍යාපාරික මහත්තයා තමයි මට එතන ඉන්න කිවේ එතන ටික වේලාවක් ඉන්නකොට එතකොට කාර් එකක් ඇවිත් නැවැත්තුවා. 

මම ඒ කාර් එකේ කවුද ඉන්නේ කියලා දන්නේ නැහැ. නමුත් එතන හිටපු කෙනෙක් මාගෙන් ඇවිත් ඇසුවා මෙ ඔය හාමුදුරුවෝද අර බයිසිකලයේ ලියුමක් ගන්න හෙම්මාතගම යන්න ඉන්නේ කියලා. මම කිවා ඔව් කියලා එහෙම නම් නගින්න කෝ කාර් එකට කියලා අරගෙන ගියා.

නමුත් අර ව්‍යාපාරික මහත්තයා නොවෙයි ආවේ මම හිතුවා එයාගේ අඳුරන කෙනෙක් කියලා. එහෙම නැගපු මම කාර් එකේ අරන් ගියා. ටික දුරක් ගිහින් හාමුදුරුවෝ මුණ හරියට පෙන්නේ නැහැනේ කණ්ණාඩිය ගලවන්න කියලා කිවා. මමත් ගැලෙව්වා. ඒ සමගම මාගේ ඇස් කළු පාට රෙදි කැබැල්ලකින් බැන්දා. අත්දෙකත් බැන්දා. 

එහෙම කරලා ටික දුරක් යද්දි මට ලීයකින් ගහන්න ගත්තා. මුණට, පිටට, අත් වලට, කකුල් වලට ගැසුවා. මුණට අතින් ගැසුවා. එහෙම ගහපු හැම තැනක්ම මාගේ ඉදිමිලා දැන් හරි කැක්කුමයි. ඇට කොටුත් එක්ක රිදෙනවා. ඒ අය මට පිහියකින් ටික ටික ඇනලා කියනවා මෙ මොකද්ද කියලා තේරෙනවාද කියලා. මම ඒ අය මොනවා කිවොත් කතා කලේ නැහැ මම අවසානයේ බැරිම තැන කිවා අනේ ළමයිනේ මාගේ ගාව සල්ලි නැහැ කියලා. ඔවුන් කිවා නැහැ නොවෙයි තියෙන සල්ලි ගනින් නැත්නම් මරලා දානවා කියලා. 

මම බැරි තැනම කිවා සල්ලි ඉනේ තියෙන්නේ ගන්නේ කොහොමද මාගේ අත් බැදලානේ කියලා කිවා. පෙන්වන්න අපි ගන්නම් කියලා කිවාට පස්සේ මම සිවුර පාත් කරාට පස්සේ අදනේ අස්සේ ගහගෙන හිටපු පොලිතින් මල්ලේ ඔතලා තිබුණු සල්ලි ඒ අය ගත්තා. එතන රුපියල් 125000 ක් තිබුණා. ඒ සල්ලි වියදම් වුනෙත් නැහැ මම එනකොට සල්ලි ගෙනාපු නිසා. ගත්ත සල්ලි සේරම තිබුණේ 5000 නොට්ටු වලින්.

සල්ලිත් අරන් පාලූ ගෙදරකට මාව අරන් ගිහින් කාමරයකට දාලා දොර වහනවා මට ඇසුනා. මම ඒ පාලූ කාමරයේ බිම ඉද ගෙන ඉන්නවා. ඒ අය කිවා මුත‍්‍රා කරන්න ඕනෑ නම් බකට් එකක් දෙන්නම් එකට මුත‍්‍රා කරන්න කියලා මාගේ කකුල දිග් කරන්න කිවා මාගේ කකුලට එක වැදුනා ඊට පස්සේ කකුල ලගින් තිබ්බා. ඒ කරලා ඒ අය දොර වහලා ගියා යන්න. වතුර බෝතලයක් ගෙනත් දුන්නා පාන්දර කිට්ටුව ඇති කියලා මට හිතුනා මොකද පරිසරයේ සද්ධ වලින් කුරුල්ලන්ගේ සද්ධ වාගේ දේවල් මට ඇසුනා. 
එතන හිටපු එක්කෙනෙක් කිවා තිබහ එනකොට බොන්න එක අතක් ලෙහනවා කියලා කිවා. මම ඊට පස්සේ වතුර බිවා මට හොඳටම වතුර තිබහයි දානේ වලදන්නත් නැහැ. ඒ කුසගින්නත් එක්ක ඒ වතුර ටික තිබහ නිසාම බිවා. ඊට පස්සේ මාගේ අත්දෙක ආය බැන්දා. ඊට පස්සේ ඒ අය යන්න ගියා ඒ ගෙදර කිසිම සද්ධයක් නැහැ. මට තේරුන විදිහට මෙක කලේ මුස්ලිම් ජාතියන් කියලායි මාගේ විශ්වාසය ඒ අය කථා කරපු භාෂාව හැසිරිම වාගේ දේවල් වලින් මට තේරුම් ගන්න පුළුවන්. ඒ වාගේම ඒ අය කවුද කියලා දැක්කොත් මට අදුනා ගන්නත් පුළුවන්. මම අරන් ගියේ කළු පාට කාර් එකකින්. 

එලෙස වද හිංසනයන්ට ලක් වු හිමියන් පසුව නැවත වාහනයකින් දෙනෙත් වසා අතුරු මාර්ගයකට දමා ගොස් ඇති අතර එම සිද්ධිය රහසක් ලෙස තබා ගන්නා ලෙසද ඔවුන් තර්ජනය කර ඇති අතර එම තොරතුරු හෙළි කර හොත් මරණයට පත් කරන බවද පවසා යන්නට ගිය බව අම්පාරේ හිමියන් පවසයි.

පසුව මෙ පිරිස හිමියන් නැවත වාහනයකින් අතුරු මාර්ගයක දෙනෙත් වසා ගෙනවිත් දමා දෙනෙත් හැර පලා ගොස් ඇත. මෙලෙස මරණ බයින් තනිවු උන්වහන්සේ මාවනැල්ලට වැඩම කර ඊයේ (18) වැනි දින රාත‍්‍රියේ පොලිසියකට හෝ වෙනත් කිසිදු අයෙකුට නොකියා යතුරු පැදියේ අයිතිකරු සොයා ගොස් ඔහුගෙන් ලිපියද රැුගෙන පොලිසියට ගොස් පැමිණිලි කිරිමට තීරණය කර උන්වහන්සේ දමා ගිය ස්ථානයේ සිට මාවනැල්ල නගරයට එම මාර්ගයේ ගමන් කල ත‍්‍රිරෝද රථයකට ගොඩ වි වැඩම කොට මාවනැල්ලේ සිට හෙම්මාතගම දක්වා වැඩම කර ඇත. නමුත් උන්වහන්සේට සිදු වු අනතුර කිසිවෙකුට පවසා නැති උන්වහන්සේ එය වසන් කර ඇත.

හෙම්මාතගම පැමිණ තමා මිලයට ගත් යතුරු පැදියේ අයිතිකරු සොයා හෙම්මාතගම කුලි ත‍්‍රිරෝද රථයකින් පල්ලිපොරුවට ගොස් එම යතුරු පැදියේ අයිතිකරු මුණ ගැසි ඇත. 

උන්වහන්සේ රැගෙන ගිය හෙම්මාතගම කුලි ත‍්‍රිරෝද රථ රියදුරා වන පි.ඩබ්ලිව් තිස්ස කුමාර මෙසේ මාධයට අදහස් දැක්විය.

"මම හෙම්මාතගම පොලිසිය ඉදිරිපිට  කුලි ත‍්‍රිරෝද රථ රියදුරෙක් මගේ ගම පල්ලිපොරුව මෙ හාමුදුරුවෝ පල්ලිපොරුවට යන්න ඕනෑ කියලා ටවුමේ මල්ලි කෙනෙකුට කියලා. ඊට පස්සේ මාගේ ගාවට ආපු හාමුදුරුවෝ් අපේ ගමේ අයියා කෙනෙක්ගේ නමක් කියලා එහේ යන්න ඔනෑ කිවා. මම හාමුදුරුවෝ ඒ අයියාගේ ගෙදරට එක් කරගෙන ගියා. එහේ ගිහින් ඉන්නකොට තමයි මෙ හාමුදුරුවෝ වෙච්ච සිද්ධිය කියලා තියෙන්නේ.

ඊට පස්සේ අපේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්නට මෙ ගැටලූව කිවා. උන්වහන්සේ හෙම්මාතගම මහ පිරිවෙනේ හකුරුගම්මන සුසීල හිමියන්ට මෙ බව කිවා. එම පන්සලේ නියෝජ්‍ය විද්‍යාතනාධිපති දුනුකේඋල්ලේ රාහුල හිමියන්ටත් කියලා හාමුදුරුවන්ගේ ශරිරයේ අපහසුතා මෙන්ම තැල්ම ඇති ස්ථාන වල වේදනාව වැඩි වු හෙයින් හෙම්මාතගම කපුරැක්ක විහාරස්ථානයට රැගෙන ගිය හිමියන්ට එහිදි ගිලන් පස ලබා දි  හෙම්මාතගම රජයේ රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව ප‍්‍රධාන වෛද්‍ය තුමන්ගේ උපදෙස් මත වැඩිදුර ප‍්‍රතිකාර සඳහා මාවනැල්ල මුලික රෝහලට අරන් ගියා." යැයි ද පැවසිය.