Friday, April 19, 2024

General line - 0115112241

ඕක මුත්‍රා බොක්ක වෙන්න බැහැ! කොළඹ වතුර ටැංකිය වෙන්න ඕන! හිටපු ජනපති කියන කතාව




ජනාධිපතිවරයා අතරමග නැගිටයාමෙන් කැබිනට් මණ්ඩලයේ ඉකුත්දා ඇති වූ නොසන්සුන්තාව සැලසුම් කළ නාට්‍යයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු ඒ බව පැවසුවේ කොළඹ ඊයේ (18) පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රචාරක රැළියකදීයි. 

"ස්ක්‍රිප්ට් එක ලිව්වේ කවුද දන්නේ නැහැ. ජනාධිපති එනව. කෑගහනව. යනව. අගමැති තුමා යනව. මලික් සමරවික්‍රම යනව. රාජිත යනව. ගිහිල්ල එක්ක එනව. හරියට පොඩි කොල්ලෝ ගෙදරින් තරහ වෙලා යනව වගේ. ඊට පස්සේ ගිවිසුමක් ගහනව අපි දෙගොල්ලෝ බැනගන්න එපා කියල. මේ වැඩේට පැය බාගයක් විතර ගියේ ඇයි කියල ජනමාධ්‍යකරුවන් ඇහුව කියන්නේ මුත්‍රා කරන්න ගියා කියල. ඔය වැඩේට විනාඩි 30ක් විතර යනවනම් ඒක මුත්‍රා බොක්කක් නෙවෙයි, කොලඹ වතුර ටැංකිය වෙන්න ඕන" යැයි හිටපු ජනාධිපතිවරයා පවසනවා.