Friday, March 29, 2024

General line - 0115112241

උඩු ගුවනේ සිදුවූ විවාහය (PHOTOS)




ශුද්ධෝත්තම පාප්තුමා සිය නිල ගුවන් යානය ඉහළ අහසේ  පියාසර කරද්දී, ගුවන් යානයේ කාර්ය මණ්ඩලයේ සාමාජික යුවළක් විවාහ කරදීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

41 හැවිරිදි කාලෝස් සියුෆරාඩි සහ  39 හැවිරිදි පෝලා පොඩෙස්ට් අතර මෙම විවාහය සිදු වුණා.

අඩි 36,000 ක් ඉහළ අහසේදී මෙම විවාහය සිදුවූ අතර පාප්තුමා වෙනුවෙන් වෙන් කෙරෙන නිල ගුවන් යානයේ මෙවැනි මංගල උත්සවයක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙයයි.