Thursday, April 25, 2024

General line - 0115112241

ඇමති දුන් පිළිතුරෙන් මාරාන්තික උපවාසය අවසන්

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට




හම්බන්තොට මාගම්පුර වරාය සේවකයින් ආරම්භ කළ මාරාන්තික උපවාසය අද (19) අවසන් කළා. ඒ අමාත්‍ය මහින්ද සමරසිංහ සිය සේවකයින්ගෙන් 138 දෙනෙකු වරාය සේවයට බඳවා ගැනීමට එකඟතාව පළ කිරීමත් සමගයි.

අනෙක් සේවකයින්ට රුපියල්  ලක්ෂ  10කට වැඩි වන්දි මුදල් ලබා දීමටද අමාත්‍යවරයා පොරොන්දු වූ බවයි මාගම්පුර වරායේ සේවක සංගමයේ සභාපති අයි.ජේ ඔමේෂ් නෙත් නිවුස් වෙත කියා සිටියේ.

හම්බන්තොට මාගම්පුර ජ්‍යාත්‍යන්තර වරායේ වසර පහකට අදික කාලයක සිට සේවයේ නියතුව සිටි මෙම සේවක පිරිසගේ රැකියා පසුගිය වසරේ දෙසැම්බර්  30 වනදා සිට අහිමි වීමත් සමග සේවකයන්ගේ විරෝධතාවය ආරම්භ කෙරුණා.  කසේ නමුත් ඒ  සම්බන්ධයෙන් යම් විසදුමක් ලබාදීම සදහා  නිසි බලධාරියෙකු මැදිහත් නොවූ බැවින් පසුගිය 09 වනදා සේවකයින් 11 දෙනෙකු මාරාන්තික උපවාසයක්  ආරම්භ කළා.

එම ස්ථානයට පැමිණි පුජ්‍ය ඕමල්පේ සොභිත හිමියන්ගේ මැදිහත් වීමෙන් පසුගිය 18 වනදා වරාය හා නාවුක අමාත්‍ය මහින්ද සමරසිංහ සමග පැවති සාකච්ඡාවකින් පසු සේවකයින් 438 දෙනා අතුරින් 138 දෙනෙකු හට වරාය අධිකාරියේ හා අනෙකුත් සේවකයින් හට ලක්ෂ 10 කට වැඩි වන්දි මුදලක් ලබාදීමේ පොරොන්දුව මත තම උපවාසය හා විරෝධතාවය ඇත හැරී බව මාගම්පුර වරාය සේවක සංගමයේ සභාපති අයි.කේ. ඔමේෂ්  පැවසුවා.