Friday, March 29, 2024

General line - 0115112241

100 PLUS ජනපි‍්‍රය අයිසොටොනික් පානය දැන් ශ‍්‍රී ලංකාවේ




සිංගප්පූරුව, මැලේසියාව සහ මියන්මාරය යන රටවල අංක එකේ අයිසොටොනික් පානය ලෙස සැලකෙන 100P PLUS ශ‍්‍රී ලංකාවට හඳුන්වා දීමට, සීමාසහිත බ‍්‍රවුන්ස් සහ සමාගමට අනුබද්ධ ‘බ‍්‍රවුන්ස් ෆාමසූටිකල් සමාගම’, මෑතකදී කටයුතු කළේ ය. සෞඛ්‍යයට ඉතාමත් හිතකර පානයක් ලෙස ආසියානු කලාපයේ රටවල මෙන්ම උතුරු ඇමරිකාවේද ජනප‍්‍රිය මෙම පානය හඳුන්වා දීමේ උත්සවය 2018 ජනවාරි 17 වන දින පැවැත්විණි.

කාබනේට් බවින් අඩු, ග්ලූකොස් සහ ඛනිජ ලවණ වලින් පිරිපුන් මෙම අයිසොටොනික් පානය ශරීරයේ වැයවුණු ශක්තිය සහ ජලය යළි ලබාදී, ශරීරය ප‍්‍රබෝධමත් කරයි. කැෆේන් අඩංගු නොවන 100ඡුඛඹී පිපාසය සංසිඳුවලින් ශරීරයට ශක්තිය ගෙනෙන ද්‍රව්‍ය යොදා නිපදවා ඇත. පිපාසය නිවා ශක්තිය ලබාදීමේ හැකියාව අතින් 100ඡුඛඹී පානය ජලයට වඩා 43% ක් ඉදිරියෙන් සිටින බව රසායනාගාර පරීක්ෂණ මගින්ද තහවුරු වී තිබේ.

ආරම්භයේදී ක‍්‍රීඩකයන්ගේ පානයක් ලෙස මැරතන් ධාවකයන් අතර ජනප‍්‍රිය වූ 100 PLUS මේ වනවිට ලොව පුරා මිලියන ගණනක ජනතාවකගේ ප‍්‍රමුඛතම තේරීමක් බවට පත්වී ඇත. ශරීරයේ නිසි ක‍්‍රියාකාරීත්වයට අවශ්‍ය වන සෝඩියම් සහ පොටෑසියම් වැනි ඉලෙක්ට්‍රොලයිට් (ඛනිජ ලවණ) මෙන්ම ග්ලූකෝස් සහ සුක්රෝස් වැනි කාබෝහයිඩ්‍රේට වර්ගද එහි අඩංගු ය. එම නිසා 100 PLUS ඉක්මනින් ශරීරයට ශක්තිය ලබාදෙන පානයක් බවට පත්වී ඇත.

100PLUS Original, 100PLUS Lemon Lime, 100PLUS Berry සහ 100 PLUS Orange වශයෙන් පාන වර්ග 4 ක් මේ වනවිට ශ‍්‍රී ලංකාවේ වෙළඳපොළට හඳුන්වා දී ඇති අතර මේවා දිවයින පුරා ප‍්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් සහ තෝරාගත් ඖෂධ අලෙවිසැල් වලින් ලබාගත හැකි වේ.

සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට වැදගත් වන පාන වර්ග සම්බන්ධයෙන් මෙරට වෙළඳපොළේ පැවති අඩුපාඩු සහ එවැනි පාන වර්ග සඳහා පාරිභෝගිකයන් අතර පැවති ඉල්ලූම සැලකිල්ලට ගනිමින් 100PLUS මෙරටට හඳුන්වා දීමට බ‍්‍රවුන්ස් ෆාමසූටිකල් සමාගම කටයුතු කළේ ය. සාමාන්‍යයෙන් ශක්තිය වඩවන පාන වර්ග වල අඩංගු වන අහිතකර ද්‍රව්‍ය අඩංගු නොවන මෙම පානය ඉදිරියේදී මෙරට ක‍්‍රීඩකයන් අතර මෙන්ම සමස්තයක් ලෙස සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවන් ප‍්‍රියකරන සියලූ දෙනා අතර අතිශයින් ජනප‍්‍රිය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

‘‘වසර 142 ක ඉතිහාසයක් සහිත බ‍්‍රවුන්ස් සහ සමාගම මේ වනවිට ලොව ප‍්‍රමුඛ පෙළේ සන්නාම රාශියක නිෂ්පාදන මෙරටට හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා. පාරිභෝගිකයන් අතර ඉතාම ජනප‍්‍රිය වී ඇති මෙම නිෂ්පාදන ඒවාට අදාළ කාණ්ඩ වලින් වෙළඳපොළේ ඉදිරියටම පැමිණ තිබෙනු දැකීම සතුටක්. මෙහි තවත් පියවරක් ලෙස අප Fraser and Neave Limited (F&N) සමාගම හා එක්වී 100PLUS මෙරටට හඳුන්වා දී තිබෙනවා. ලොව ආහාරපාන නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම සමාගමක් වන (F&N) හි ප‍්‍රධාන කාර්යාලය පිහිටා තිබෙන්නේ සිංගප්පූරුවේයි. මෙම හවුල්කාරීත්වයක් සමග මෙරට ජනතාවට සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට උපකාරී වන පාන වර්ගයක් හඳුන්වා දීමට අපට හැකියාව ලැබුණා.” බ‍්‍රවුන්ස් ෆාමසූටිකල් සමාගමේ උප සභාපති මංගල විජේසිංහ මහතා පැවසී ය.

‘‘බ‍්‍රවුන්ස් ෆාමසූටිකල් සමාගම 'Human Pharmaceuticals' සහ 'Nutraceuticals and Cosmetics' යනුවෙන් අංශ දෙකකින් සමන්විතයි. මෙම අංශ දෙක ඔස්සේ ලොව පුරා විශ්වාසය දිනූ, ඉහළම ප‍්‍රමිතියෙන් යුත් නිෂ්පාදන මෙරටට හඳුන්වා දීමට අපට හැකිවී තිබෙනවා.” විජේසිංග මහතා වැඩිදුරටත් පැවසී ය.