Friday, March 29, 2024

General line - 0115112241

අමෙරිකාව දැඩි අර්බුදයක (UPDATE)




පසුගියදා ඉදිරිපත් කළ අතුරු අයවැය සම්මත නොවීම හේතුවෙන් අමෙරිකානු රජය දැඩි අර්බුදයකට මුහුණපා තිබෙනවා.

අයවැය යෝජනා කිහිපයක් සම්බන්ධයෙන් පාලක, රිපබ්ලිකන් පක්‍ෂය සහ ප‍්‍රධාන විපක්‍ෂය වන ඩිමොක්‍රොටික් පක්‍ෂය අතර මතභේදාත්මක තත්ත්වයන් කිහිපයක්ම හටගෙන ඇති බවයි විදෙස් වාර්තා අනාවරණ කළේ.

අයවැය සම්බන්ධයෙන් ඊයේ (19) රාති‍්‍රයේ නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලයේදී පැවති ඡන්ද විමසීමේදී ඡන්ද 230197 ක් ලෙස ඡන්දය ප‍්‍රකාශ වී තිබුණා.

එහෙත් නව අයවැය සම්මත කිරීමට සෙනට් මණ්ඩලය අපොහොසත්වීම හමුවේයි මෙම ගැටළුව පැන නැගී ඇත්තේ.

මේ හේතුවෙන් රාජ්‍ය සේවක වැටුප් ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයකට අමෙරිකානු රජය පත්ව ඇති බවද විදෙස් වාර්තාවල සඳහන්.

ජාතික ආරක්‍ෂාව, සෞඛ්‍ය, හදිසි සේවා, ආපදා කළමණාකරණය, බදු කටයුතු, බන්ධනාගාර කටයුතු, විදුලිය වැනි අංශ ගණනාවකටම ඉන් බලපෑම් එල්ල වනු ඇති බවද විදෙස් වාර්තාවල දැක්වෙනවා.

--------------------

අමෙරිකාව අඩපණ වෙයි (20-01-2018 11:36)

අමරිකා එක්සත් ජනපදයේ සෙනට් සභාව ඇමරිකාවේ නව අයවැයට එකඟතාව පළ නොකිරීම හේතුවෙන් එරට රජයේ කටයුතු අඩපණව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ වනවිට රජයේ ආයතන වසා දැමීමට පටන්ගෙන ඇති බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.