Wednesday, April 24, 2024

General line - 0115112241

බුද්ධගයාවේ ආරක්ෂාව තහවුරු කර ඇති බවට ඉන්දියානු මහාබෝධි සමාගමේ බුද්ධගයා මධ්‍යස්ථානාධිපතිගෙන් ප්‍රකාශයක්

හේමන්ත කහවලගේ




දඹදිව බුද්ධගයා විහාරස්ථානය ආශ‍්‍රිත ප‍්‍රදේශයේ තිබී බෝම්බ හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ‍්‍රී ලාංකිකයින් අනියත බියක් ඇතිකර ගත යුතු නැතැයි යළි අවධාරණය කෙරෙනවා.

ඉන්දියානු මහාබෝධි සමාගමේ බුද්ධගයා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය හකුරුගම්මන සද්ධාතිස්ස හිමියන් කියා සිටියේ මේ වනවිට ප‍්‍රදේශයේ ආරක්ෂාව සම්පූර්ණයෙන් තහවුරු කර ඇති බවයි.

එහිදී උන්වහන්සේ වැඩි දුරටත් පෙන්වා දුන්නේ "ඉන්දියාවේ ආරක්ෂක අංශ මේ වන විට බුද්ධගයා පරිශ්‍රය අවට ආරක්ෂාව තහවුරු කරලා දීලා තියෙන්නේ. සාමකාමී පරිසරයක් යටතේ බුද්ධගයා පිං බිම වන්දනාමාන කර ගැනීමට ශ්‍රී ලාංකික බැතිමතුන්ට අවස්ථාව තියෙනවා. කටකතා නිසා අනිසි බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නැහැ. " යනුවෙනි. 

මේ අතර ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් චිත‍්‍රාංගනී වාගීෂ්වර ද පැවසුවේ ප‍්‍රදේශයේ ආරක්ෂාව දැඩි කර ඇති බැවින් ශ‍්‍රී ලාංකිකයින් අනියත බියක් ඇති කර ගැනීම අවශ්‍ය නොවන බවයි.

 

-----------------------------------

බුද්ධගයාවේ සිද්ධිය ගැන ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක්

(21-01-2018 06:57)

 

දඹදිව බුද්ධගයා විහාරස්ථානය ආශ‍්‍රිත ප‍්‍රදේශයේ තිබී බෝම්බ හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ‍්‍රී ලාංකිකයින් අනියත බියක් ඇතිකර ගත යුතු නැතැයි ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් චිත‍්‍රාංගනී වාගීෂ්වර පවසනවා. 

ඉන්දීය ආරක්ෂක අංශ මේ වනවිට ප‍්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර ඇති බවයි ඇය නෙත් නිවුස් වෙත කියා සිටියේ.

අවශ්‍ය වුවහොත් බුද්ධගයා ප‍්‍රදේශය ආශ‍්‍රිතව පවතින ආරක්ෂාව පිළිබඳ තමන් ඉන්දීය විදේශ කටයුතු සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශ සමග සාකච්ඡා කරන බවද ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් චිත‍්‍රාංගනී වාගීෂ්වර පැවසුවා. 

බුද්ධගයා විහාරස්ථානයේ අංක 04 දොටුව අසළ තිබී කිලෝග‍්‍රෑම් 10ක් බරැති බෝම්බ දෙකක් සොයා ගැණුනා. ටිබෙට් ආධ්‍යාත්මික නායක දලෙයිලාමා බුද්ධගයාවේ පූජාවක් අවසන් කර පිටවයාමෙන් නොබෝ වේලාවක පසු එම බෝම්බ හමු වී තිබුණා. මාසයක පමණ කාලයක් බුද්ධගයාවේ පැවැත්වෙන කල්චක‍්‍ර පූජාව අතරතුර මෙම බෝම්බ හමුවීම ද විශේෂත්වයක්.

(මේ සම්බන්ධ මීට පෙර පළ වූ පුවත් සඳහා මෙතැනින් පිවිසෙන්න)