Thursday, April 25, 2024

General line - 0115112241

අද දිනන්න නම් කළින් තරග දෙක පැරදුණු හේතුව හොයන්න ලු

කසුන් කැලුම්




බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහභාගි වන තීරණාත්මක තරගයක් අද (21) පැවැත්වෙනවා.

එ්, සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව මිර්පූර්හි ශී‍්‍ර බංග්ලා කී‍්‍රඩාංගණයේදීයි.

තුන්කොන් එක්දින කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවති පළමු තරගය ලකුණු 12කින් ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා. 

අද තරගය පිළිබඳව නෙත් ස්පෝර්ට්ස්මන් වෙත අදහස් දක්වන හිටපු කි‍්‍රඩක ඉන්දික ද සේරම් කියා සිටියේ "පසුගිය තරග දෙකේ සිද්ධ වුණු දේ හොඳින් අවබෝධ කරගෙන මෙම තරගයට මුහුණ දෙන්න ශ්‍රී ලංකා කණ්ඩායම පියවර ගත යුතුයි. තරගයක් පැරදුණා කියලා ඊළඟ තරගයේදී ක්‍රීඩකයින් මාරු කරලා තරග දිනන්න බෑ.. කළ යුත්තේ ඒ ක්‍රීඩකයින්ගේ තිබුණු අඩුපාඩු පෙන්නලා ඔවුන් අතින් යළි එම වැරදි සිදු නොවන පරිදි ඔවුන්ව යොමු කිරීමයි." යනුවෙනි.

තරගයෙන් තරගයට කී‍්‍රඩකයින් වෙනස් කිරීම ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පසුබෑමට ප‍්‍රධානතම හේතුවක් බවයි ඉන්දික ද සේරම් මෙහිදී වැඩි දුරටත් ප‍්‍රකාශ කළේ.