Tuesday, April 16, 2024

General line - 0115112241

ජනප්‍රිය හෝටලයකට ත්‍රස්ත ප්‍රහාරයක්




ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටි සුප‍්‍රකට ඉන්ටකොන්ටිනෙන්ටල් සංචාරක හෝටලයට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඊයේ (20) රාත‍්‍රී 09.00ට පමණ ආයුධ සන්නද්ධව පැමිණි සිව් දෙනෙකු හෝටලයේ සිටි අමුත්තන්ට සහ කාර්ය මණ්ඩලයට නොනවත්වා වෙඩි තැබූ බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

ප‍්‍රහාරය අද (21) අලුයම තෙක්ම පැවති අතර ජීවිත හානි පිළිබඳ තොරතුරු රැසක් ලැබෙමින් පවතින බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්.

කාබුල් අගනුවර විදේශිකයින් ගැවසෙන හෝටල් ත‍්‍රස්ත ප‍්‍රහාරවලට ලක්විය හැකි බවට රටවල් කිහිපයක්ම පසුගිය සමයේ අනතුරු අගවා තිබුණා.