Thursday, March 28, 2024

General line - 0115112241

දණින් වැටුණ විදුහල්පතිනිය රාජ්‍ය සේවයට සාධාරණය ඉෂ්ඨ කරන්න යයි - පොලීසියට පැමිණිල්ලක් (AUDIO) (UPDATE)

සුගත් ධර්මප්‍රිය /වසන්ත පිවිතුරු




රාජ්‍ය සේවකයා කිසිදාක දේශපාලනයට යටත් වන්නට තමන් ඉඩ නොතබන බව ඌව ප්‍රධාන අමාත්‍යවරයා විසින් දණගැස්සු බව කියන බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය පවසනවා.

ඇය කියා සිටියේ ජනතාව වෙනුවෙන් නිවැරදි දේ සිදුකරන්නට තමන් පසුබට නොවන බවයි.

එම සටනේ දී තමන්ට මරණය හිමි වුවත්  ජනතාව වෙනුවෙන් තමන් සිදුකරන්නට ගිය නිවැරදි රාජකාරිය ඉටුකරන බවයි මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය අද (21) කියා සිටියේ.

ඇය මෙම අදහස් පල කළේ බදුල්ල පොලීසියට අද දින ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

පසුගිය 12 වන දින ඇය පොලීසියට කටඋත්තරයක් ලබාදෙී තිබුණ ද එය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ බලපෑම අනුව සිදුකළ බවත් අද දින නිවැරදි ප්‍රකාශයක් පොලීසිය වෙත ලබාදුන් බවත් ඇය කියා සිටියා.

------------------------

බදුල්ල පොලීසියේ උණුසුම් වාතාවරණයක්.. පොලීසිය විසින් විදුහල්පතිනියට අද සිදුකරන පරික්ෂණය මෙන්න (21-01-2018 14:16)

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් පසුගියදා දණගැස්සවූ බව කියන බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වෛද්‍ය පරික්ෂණයකට යොමු කිරිම සඳහා පොලීසිය විසින් කැඳවාගෙන ගොස් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ්  www.nethnews.lk වෙත කියා සිටියා.

එම විදුහල්පතිනිය මානසීක රෝගී තත්ත්වයේ පසුවන බවට වෛද්‍ය වාර්තාවක් ලබාගැනීමට උත්සාහයක නිරතවී ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියා.

ඔහු සඳහන් කළේ අදාළ විදුහල්පතිනිය මානසීකව වට්ටා දැමීම සඳහා ක්‍රියා කරන බවයි ඔහු කියා සිටියේ.

අදාළ විදුහල්පතිනියව සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරියෙකු විසින් අද (21) පෙරවරුවේ ඌව ප්‍රධාන අමාත්‍යවරයාගේ නිවසට කැඳවාලෙන ගිය බවද මන්ත්‍රීවරයා කියා සිටියා.

කෙසේ වෙතත් අදාළ පරික්ෂණයට ඇය විරුද්ධ වීමත් සමග බදුල්ල පොලීසියේ උණුසුම් තත්ත්වයක් වාර්තා වුණා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් www.nethnews.lk බදුල්ල පොලීසියෙන් කරුණු විමසීමක් කළා.

බදුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ තමා වෙත ලැබී ඇති පැමිණිල්ලට අනුව ඇයව වෛද්‍ය පරික්ෂණයකට යොමුකර අදාළ වාර්තාව අධිකරණයට යොමු කළ යුතු බවයි.

එමෙන්ම එම විදුහල්පතිනියගේ කැමත්ත අනුව වෛද්‍ය පරික්ෂණයක් සඳහා අද (21) ඇයව යොමු කරන බවයි ස්ථානාධිපතිවරයා කියා සිටියේ.