Tuesday, February 20, 2018
Hotline - 0770586666

අමෙරිකාව කඩා වැටීමේ ප්‍රතිඵලය ශ්‍රී ලංකා කාර්යාලයට බලපෑ හැටි (PHOTO)

වසන්ත පිවිතුරු

6106Views

කොළඹ පිහිටි අමෙරිකානු මධ්‍යස්ථානය (American Centre) යළි දැනුම් දෙන තුරු තාවකාලීකව වසා දමා ඇති බව මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය පවසනවා.

පසුගියදා ඉදිරිපත් කළ අතුරු අයවැය සම්මත නොවීම හේතුවෙන් මේවන විට අමෙරිකානු රජය දැඩි අර්බුදයකට මුහුණපා සිටිනවා.

මෙම තත්ත්වය හමුවේ රජයේ ආයතන රැසක් වසා දැමීමටයි තීරණය කෙරුණේ.

එහි ප්‍රතිඵලයක් වශයෙන් කොළඹ පිහිටි අමෙරිකානු මධ්‍යස්ථානය (American Centre) වසා දැමීමට තීරණය කළ බවයි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර තිබෙන්නේ.

නමුත් වීසා සම්බන්ධයෙන් කටයුතු අඛණ්ඩව සිදුවන බව ද අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළා.

අයවැය යෝජනා කිහිපයක් සම්බන්ධයෙන් පාලක, රිපබ්ලිකන් පක්‍ෂය සහ ප‍්‍රධාන විපක්‍ෂය වන ඩිමොක්‍රොටික් පක්‍ෂය අතර මතභේදාත්මක තත්ත්වයන් කිහිපයක්ම හටගෙන ඇති බවයි විදෙස් වාර්තා අනාවරණ කළේ.

අයවැය සම්බන්ධයෙන් පෙරේදා (19) රාති‍්‍රයේ නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලයේදී පැවති ඡන්ද විමසීමේදී ඡන්ද 230197 ක් ලෙස ඡන්දය ප‍්‍රකාශ වී තිබුණා.

එහෙත් නව අයවැය සම්මත කිරීමට සෙනට් මණ්ඩලය අපොහොසත්වීම හමුවේයි මෙම ගැටළුව පැන නැගී ඇත්තේ.

මේ හේතුවෙන් රාජ්‍ය සේවක වැටුප් ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයකට අමෙරිකානු රජය පත්ව ඇති බවද විදෙස් වාර්තාවල සඳහන්.

ජාතික ආරක්‍ෂාව, සෞඛ්‍ය, හදිසි සේවා, ආපදා කළමණාකරණය, බදු කටයුතු, බන්ධනාගාර කටයුතු, විදුලිය වැනි අංශ ගණනාවකටම ඉන් බලපෑම් එල්ල වනු ඇති බවද විදෙස් වාර්තාවල දැක්වෙනවා.