Tuesday, August 21, 2018
Hotline - 0770586666

"යහපාලන විපක්ෂයේ භූමිකාව" මහින්ද හෙළි කරයි (PHOTOS)

1525Views




වර්තමාන ශ්‍රී ලංකාවේ යහපාලන ආණ්ඩුවක් මෙන්ම යහපාලන විපක්ෂයක් ද තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

"යහපාලන විපක්ෂයේ භූමිකාව" ලෙස දක්වා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනය මගින් ඔහු මේ බව පෙන්වා දී තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය විපක්ෂයේ දේශපාලන පක්ෂ ලෙස කටයුතු කරමින් රංගනයක නිරත වන බවද එහි සඳහන් කර ඇති හිටපු ජනාධිපතිවරයා ගෙවීගිය අවුරුදු 3 තුළම යහපාලන ආණ්ඩුව විසින් ගත් සෑම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවකටම ඔවුන් සහයෝගය දක්වා ඇති බවයි පෙන්වා දෙන්නේ.

එම දේශපාලන පක්ෂ හුදු විරෝධකල්පික උද්ඝෝෂණකරුවන්ගේ දේශපාලන පක්ෂ බව මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙතැනින් කියවන්න.