Saturday, April 20, 2024

General line - 0115112241

සුපිරි හෝටල් පරිශ්‍රයේ බලය ඇෆ්ගන් හමුදාවට




සන්නද්ධ කණ්ඩායමක් විසින් අත්පත් කර ගෙන තිබූ කාබුල් අගනුවර පිහිටි සුපිරි හෝටල් පරිශ්‍රයේ බලය යළි අත්පත් කර ගැනීමට ඇෆ්ගන් හමුදාව මේවනවිට සමත්වී සිටිනවා.

විදෙස් වාර්තා පවසන්නේ සන්නද්ධ පිරිස යටතේ සිටි ප්‍රාණ ඇපකරුවන් පිරිස මුදා ගැනීමටද රාජ්‍ය හමුදාව සමත් වී ඇති බවයි. එලෙස මුදා ගෙන ඇති පිරිස 160ක්.

එරට වේලාවෙන් ඊයේ (20) රාත්‍රී  09ට පමණ ප්‍රහාරකයින් හෝටල් පරිශ්‍රයට ඇතුළු වී තිබුණා. මහල් හයකින් සමන්විත එම හෝටලය අනුවර පිහිටි සුපිරිතම හෝටලයක්.

ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදීත් දෙස් විදෙස් සංචාරකයින් රැසක් හෝටලට තුළ සිටි බව සඳහන්.

හෝටලය යළි අත්පත් කර ගැනීම සඳහා ඇෆ්ගන් හමුදා විශේෂ බලකාය ඊයේ (20) රාත්‍රීය පුරා පුළුල් මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබුණා.

ඒ රට තුළ සිටින විදෙස් හමුදාවන්ගේද සහාය ඇතිවයි.

කෙසේ වෙතත් ත්‍රස්ත ප්‍රහාර හමුවේ විදෙස් කාන්තාවක් ඇතුළු සිවිල් වැසියන් 6 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

හමුදා ප්‍රහාර මධ්‍යයේ ත්‍රස්ත සාමාජිකයින් තිදෙනෙකුද ජිවිතක්ෂයට පත්ව තිඛෙනවා. පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා ඇති අතර අතුරුදන් වී ඇති සංඛ්‍යාව 18 ක්.

මෙම ප්‍රහාරය එල්ල වුනේ අදාළ හෝටලට ඉලක්ක කර ත්‍රස්ත ප5හාරයක් එල්ල විය හැකි බවට එරට පිහිටි අමරිකානු තානාපති කාර්යාලය විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කර දින කිහිපයක් ගතවී යාමත් සමගයි.