Thursday, April 25, 2024

General line - 0115112241

අනඳ මහ බෝ වන්දනාව නිමා වෙයි (PHOTOS/UPDATE)




 

නෙත් එෆ් එම් රේඩියෝවේ දායකත්වයෙන් නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී සංවිධාන කෙරුණු අනඳ මහ බෝ වන්දනාව සම්බන්ධයෙන් සැදහැවතුන් සිය ප්‍රසාදය පල කරනවා. රට පුරා විහාරස්ථාන 200ක් වෙනුවෙන් ආනන්ද බෝධීන් වහන්සේගේ අංකුර ශාඛා ඛෙදා දීමයි මෙහිදී සිදු කෙරුණේ. මහා සංඝරත්නය වෙනුවෙන් පිරිනැමුණු අද (27) දහවල් දානයෙන් මෙම පිංකම නිමා වුණා.

අද (27) දිනයේ විහාරස්ථාන වෙත ඛෙදා දුන් ආනන්ද බෝධීන් වහන්සේගේ අංකුර ශාඛා වෙනුවෙන් ඉකුත් දින කිහිපයේම නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී විවිධ පුද පූජා සිදු කෙරුණා.

මෙම පිංකම සංවිධාන කෙරුණේ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍යපාද වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්.

---------------

නෙල්ලිගල පුද බිම ස්වේත වර්ණයෙන් බැබළෙයි (27-01-2018 10:56)

දිවයිනේ විහාරස්ථාන 200කට උතුම් වූ ආනන්ද බෝ රජාණන් වහන්සේගේ බෝ අංකුර බෙදාදීමේ මහා පිංකම අද (27) වැනිදා නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වෙනවා.

මේ වනවිට සුදු වතින් සැරසුණු පිංවතුන් දහස් සංඛ්‍යත පිරිසක් නෙල්ලිගල  ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණ සිටිනවා. 

------------------------------------------------------------

27-01-2018 05:59

අනඳ මහ බෝ වන්දනා මහා පිංකම අදින් අවසන්

නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කර අනඳ මහ බෝ වන්දනා මහා පිංකමේ අවසන් දිනය අද (27) යි. නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍යපාද වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්, අද දිනයේ සිදු කෙරෙන සියළු පිංකම් සදහා අවශ්‍ය කටයුතු මේ වනවිටත් සූදානම් කර තිබෙනවා.

අනඳ බෝ සමිඳුන් වෙත අද පෙරවරු 10.30 සම්බුද්ධ පූජාව පැවැත්වෙනවා. භික්ෂූන් වහන්සේලා 400 නමක් විෂයයෙහි දහවල් දානය පිරිනැමෙනවා. බෝධීන් වහන්සේලා විහාරස්ථාන 200ක් වෙත වැඩමකරවීම සිදු කෙරෙනුයේ ඉන් අනතුරුවය.

-------------------------------------------

අනඳ මහ බෝ වන්දනා මහා පිංකම තව දෙදිනක් පුරා

26-01-2018 06:38

නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කර අනඳ මහ බෝ වන්දනා මහා පිංකම, තුන්වන දිනටත් නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී අද (26) සිදු කෙරෙනවා. නෙත් එෆ් එම් රේඩියෝවේ සවස පහන් කන්ද ආශිර්වාද බෝධි පූජාවද අද එහි සිට සිදු කිරීමට නියමිතයි. 


නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී සිදු කෙරෙන මෙම පිංකමේදී අනඳ මහ බෝ වන්දනාවේ තවත් පිංකම් කිහිපයක් අද සහ හෙට සිදු කෙරෙනවා. එහිදී පුද ලබන අනඳ බෝධීන් වහන්සේ 200නම පසුව රට පුරා විහාරස්ථාන වෙත බෙදා දීමට නියමිතයි.

------------------------------------------------

අනඳ මහ බෝ වන්දනා පිංකම 

25-01-2018 19:38

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී සිදු කෙරෙන නෙත් එෆ්.එම්. රේඩියෝව සංවිධාන කර අනඳ මහ බෝ වන්දනා මහා පිංකමේ දෙවන දිනය අද (25) යි.

අනඳ මහ බෝ වන්දනාවේ තවත් පිංකම් කිහිපයක් නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී හෙට (26) සහ අනිද්දා (27) දිනවලද සිදු කෙරෙනවා. එහිදී පුද ලබන අනඳ බෝධීන් වහන්සේ 200නම පසුව රට පුරා විහාරස්ථාන වෙත බෙදා දෙනු ලබනවා.

 

 

-----------------------------------------------------------

අනඳ මහ බෝ වන්දනා පිංකමේ දෙවන දිනය අද

25-01-2018 06:38

නෙත් එෆ්.එම්. රේඩියෝව සංවිධාන කර අනඳ මහ බෝ වන්දනා මහා පිංකමේ අද (25) දෙවන දිනයයි.

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී මෙම පිංකම සිදු කෙරෙනවා

 නෙත් එෆ්. එම්. රේඩියෝවේ සවස පහන් කන්ද ආශිර්වාද බෝධි පූජාවද අද එහි සිට සිදු කිරීමට නියමිතයි. 

අනඳ මහ බෝ වන්දනාවේ තවත් පිංකම් කිහිපයක් නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී හෙට (26) සහ අනිද්දා (27) දිනවලද සිදු කෙරෙනවා. එහිදී පුද ලබන අනඳ බෝධීන් වහන්සේ 200නම පසුව රට පුරා විහාරස්ථාන වෙත බෙදා දීමට නියමිතයි.

--------------------------------

ආනන්ද මහ බෝ වන්දනාවට සමගාමීව සිදු වන පින්කම් මාලාව ඇරඹෙයි (UPDATE)

(24-01-2018 18:24)

 

ආනන්ද මහ බෝ වන්දනාවට සමගාමීව සිදු වන පින්කම් මාලාව නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී අද (24) පස්වරුවේ ආරම්භ කෙරුණා.

නෙත් එෆ්. එම්. පහන් කන්ද වැඩසටහන අද එම මධ්‍යස්ථානයේදී පැවැත්වුණා.

ඒ පිළිබඳ අදහස් දක්වන යටිහලගල රජමහාවිහාරාධිකාරි නෙල්ලිගල බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන් පෙන්වා දුන්නේ දිවයිනේ විහාරස්ථාන 200කට උතුම් වූ ආනන්ද බෝ රජාණන් වහන්සේගේ බෝ අංකුර බෙදාදීමේ මහා පිංකම එළඹෙන 27 වැනිදා නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වෙන බවයි. ඊට සමගාමීව හෙට (25) සහ අනිද්දා (26) දිනයන්වලදීද විශේෂිත පිංකම් පැවැත්වෙන බවද සඳහන් කළා.

-----------------------------------------

දිවයිනේ විහාරස්ථාන 200කට 'උතුම් වූ ආනන්ද බෝ රජාණන් වහන්සේගේ' බෝ අංකුර

(22-01-2018 07:16)

 

දිවයිනේ විහාරස්ථාන 200කට උතුම් වූ ආනන්ද බෝ රජාණන් වහන්සේගේ බෝ අංකුර බෙදාදීමේ මහා පිංකම ලබන 27 වැනිදා නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වෙනවා.

මීට සමගාමීව තවත් පිංකම් රැසක් සංවිධාන බව බවයි නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන් පැවසුවේ. 

නෙත් එෆ්. එම්. රේඩියෝව සහ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය එක්වයි මෙම පුණ්‍යකර්මය සංවිධාන කරනු ලබන්නේ.