Saturday, April 20, 2024

General line - 0115112241

ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටල් සංකීර්ණයට එල්ල වූ ප්‍රහාරය පිළිබඳ තොරතුරු රැසක් හෙළිවෙයි

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර සුප‍්‍රකට ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටල් සංකීර්ණයට එල්ල වූ ප‍්‍රහාරය පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වෙමින් තිබෙනවා.

ඒ, ප‍්‍රහාරය එල්ල වන අවස්ථාවේ හෝටල් සංකීර්ණයේ සිටි පිරිස ලබාදුන් තොරතුරු මතයි.

ඔවුන් ප‍්‍රකාශ කර ඇත්තේ වෙඩි තැබූ පිරිස විදේශිකයින් කවුරුන්දැයි අසමින් වෙඩි තැබූ බවයි.

එමෙන්ම මෙම හෝටලයේ ආරක්ෂාව මීට දින කිහිපයකට පෙර පෞද්ගලික අංශයට ලබාදී ඇති බවටද තොරතුරු වාර්තා වනවා.

ප‍්‍රහාරයෙන් විදේශිකයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර දැවැන්ත හමුදා මෙහෙයුමකින් පසු හෝටලය මුදා ගත්තා.