Thursday, April 25, 2024

General line - 0115112241

අමෙරිකාවේ රාජ්‍ය ආයතන වසා දැමීමට සිදුවෙයි

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකාවේ රාජ්‍ය ආයතන රැසක් අද (22) වසාදමා තිබෙනවා.

ඒ, ආණ්ඩුවේ වියදම්වලට අදාළ පනත් කෙටුම්පතක් සෙනෙට් සභාවේදී ඉකුත්දා පරාජයවීමත් සමගයි. ඒ අනුව අමෙරිකානු ෆෙඩරල් ආණ්ඩුවේ බොහෝ රාජ්‍ය ආයතන අකර්මණ්‍ය වීම ඉකුත් සිකුරාදා සිට සිදු වුණා. 

අද දිනයේ දහස් සංඛ්‍යාත රාජ්‍ය සේවකයින් සේවා ස්ථානවලට වාර්තා කර නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. තත්ත්වය බේරුම් කර ගැනීම සඳහා ඊයේ දිනය වන තෙක්ම උත්සහ දැරුවද එම සියලූ උත්සහයන් ව්‍යාර්ථ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ආණ්ඩුවේ වියදම්වලට අදාළ පනත් කෙටුම්පත පිළිබඳ තවත් ඡන්ද විමසීමක් අද පැවැත්වෙනු ඇති බවට ද වාර්තා පළ වනවා. 
පෙබරවාරී 16 වැනිදා තෙක් අවශ්‍ය වියදම් සඳහා වන මුදල් ඇතුළත් කරමිනුයි මෙම පනත් කෙටුම්පත ඉකුත්දා ඉදිරිපත් කර තිබුණේ.